ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ ක්‍රමය සංශෝධනයට පියවර ගන්නවා

    අප්‍රේල් 07, 2015
    මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටින බවත් එය කඩිනම්න් කළ යුතු කාර්යයක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    දින 100 වැඩසටහන මගින් පෙන්වා දුන් අයුරින් මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අ‍හෝසි කොට සෑම මැතිවරණ කොට්ඨාසයකට ම මන්ත්‍රීවරයෙකු ලැබෙන පරිදි මන්ත්‍රී ආසන ක්‍රමය හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමයක් පිළිබද ව මූලික එකගත්වයකට ජාතික විධායක සභාව පැමිණ සිටී. ඒ එකගත්වය අනුව තේරීම් කාරක සභාවක් මගින් කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
     
    අග්‍රාමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේදී දින 100 වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya