ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විපක්ෂ නායක තනතුර ගැන සභාව උණුසුම් වෙයි

    අප්‍රේල් 08, 2015
    විපක්ෂ නායක තනතුර සම්බන්ධයෙන් කතානායක චමල් රාජපක්ෂ මහතා ලබා දෙන ඕනෑම තීන්දුවක් පිළිගන්නා බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
     
    විපක්ෂ නායක තනතුර ගන්න ඕනෑම කෙනෙකුට අවශ්‍ය නම් ගන්න. ‍මේ ලෙස පිටුපසින් සිට පිහියෙන් අනින්න එපා යැයි ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
     
    විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා, කතානායකවරයාගෙන් විමසූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා අද (08) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
     
    හිටපු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක තනතුරට පත් කරන ලෙස මේ විවාදයේදී විපක්ෂයේ මන්ත්‍රීවරු, කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.
     
    මේ අවස්ථාවේදී කතානායකවරයා පැවසුවේ, මෙය අභ්‍යන්තර ප්‍රශ්නයක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතරයක් විපක්ෂයේ සිටිනවා. සියලුදෙනාම එකමුතුව වැඩකරන්න ඕනෑ නම්, මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග ගොස් ප්‍රශ්නය විසදා ගෙන විපක්ෂ නායකයා කවුද යන්න නම යෝජනා කර ගෙන එන ලෙස දන්වා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya