ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දිස්ත්‍රික් 23ක් සඳහා පමණක් ඔප්පු 52,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා දුන්නා

    අප්‍රේල් 08, 2015
    මේ රටේ දිස්ත්‍රික් 25ක් සඳහා ඉඩම් ඔප්පු 36,480ක් ලබා දෙන්න රජය අපේක්ෂා කළත් මේ වන විට දිස්ත්‍රික් 23ක් සඳහා පමණක් ඔප්පු 52,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා දී ඇති බව ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (08) පාර්ලිමේන්තුවේදී හිමිකම් ලියාපදිංචි පනත යටතේ නියෝග (අංක 01) හා හිමිකම් ලියාපදිංචි පනත යටතේ නියෝග (අංක 02) පිළිබද විවාදය ආරම්භ කරමිනි.
     
    යහ පාලනය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාගේ දින 100 වැඩපිළිවෙළ සාර්ථක කිරීමට මේ පියවර ගෙන තියෙනවා. මන්නාරම හා පොලොන්නරුවේ තවත් කොටසකට ඉඩම් සඳහා ඔප්පු ලබා දිය යුතුයි. දින 100න් පසුව මේ ආණ්ඩුව නැතුව යනවා යැයි කවුරුත් බිය විය යුතු නැහැ. දින 100 යැයි කීවේ රජයකින් කළ යුතු වැඩ කටයුත් ජනතාවගේ හිතට කාවදින ලෙස කළ යුතු නිසයි. මේ රටේ අවුරුදු 30, 40කින් ඔප්පු ලැබුණේ නැති විශාල සංඛ්‍යාවක් සිටිනවා. නමුත් පසුගිය රජය තම පවුලේ අයට හා නෑදෑයන්ට කෝටි ගණන් ලාභ ලැබෙන පරිදි ඉඩම් බෙදා දුන් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    මේ රටේ ජීවත් වන සියලු ම දෙනාට ඉඩම් ඔප්පු ලබාදී ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ලබාදීම ඉඩම් අමාත්‍යාංශය සතු වේ. ඉඩම් සහා නව තක්සේරු ක්‍රම අනුව වැඩිමුදලක් අය කරන්න සිදු වෙනවා. නාගරික සීමාව තුළ අනිවාර්යෙන් ම ඉඩම්වලට බදු අයකරන්න වෙනවා යැයි ද ඔහු පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya