ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    " සූර්ය මංගල්‍යයේ අලුත් අවුරුදු එළිය " ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම ජනපති සුරතින් ජනතා අයිතියට

    අප්‍රේල් 08, 2015

    උදාවන සිංහල, දෙමළ අලුත් අවුරුද්දට පෙර ග්‍රාමීය පවුල් 12,850 කට විදුලි පහසුකම් ලබාදීමේ සූර්ය මංගල්‍යයේ අලුත් අවුරුදු එළිය ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම ජනතා අයිතියට පවරාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

     

    ග්‍රාමීය ජනතාවට විදුලිය ලබාදීම සඳහා දියත් කරන ලද , විදුලමු ලංකා, ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රමය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත. 
     
     
    එක් එක් දිස්ත්‍රික්ක තුළ මේ වන විට වැඩ නිම කර ඇති විදුලි යෝජනා ක්‍රම හා විදුලි දිගු 758ක් මේ යටතේ අද දින බලගැන්වීම සිදු කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 1,975 කි. 
     
     
    සංකේතාත්මකව එම විදුලි යෝජනා ක්‍රම හා විදුලි දිගු බලගැන්වීම මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය. 
     
     
    විදුලිබල හ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී.එම්.එස්. බටගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya