ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    භූතානය සහ ශී‍්‍ර ලංකාව අතර අධ්‍යාපනික සහ කෘෂිකර්ම සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය

    අප්‍රේල් 11, 2015
    භූතානය සහ ශී‍්‍ර ලංකාව අතර සබඳතා ශක්තිමත් කරමින් දෙරට අතර අධ්‍යාපනික සහ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයන් හි සහයෝගය වර්ධනය කර ගැනීමට අවධානය යොමු කෙරෙයි.
     
    තෙදින නිල සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණි භූතාන අග‍්‍රාමාත්‍ය ෂෙරින් ටොබ්ගේ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර ද්විපාර්ශවික සාකච්ඡා ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳ අවධානය යොමු කෙරිණි.
     
    බෞද්ධ දර්ශනය වැනි සුවිශේෂි දහමකින් බැඳී ඇති ශී‍්‍ර ලංකා - භූතාන මිත‍්‍රත්වය ජාතින් අතර සබඳතාවල සුවිශේෂී වන්නක් බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.
     
    දෙරට අතර සබඳතා නව මගකට ගෙන එමින් දෙරට අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳවද නායකයන් සාකච්ඡා කළහ.
     
    භූතානයේ රාජ්‍ය ආණ්ඩු ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවකට ස්වේච්ඡාවෙන් පරිවර්තනය කරමින් භූතාන රජතුමා ඉතාමත් ආදර්ශයක් ලෝකයට ලබාදෙන බව මෙහිදි පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවේද නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනතාවගේ නිදහස තහවුරු කිරීමේ කි‍්‍රයාවලියේදී භූතානය වැනි රටවල ව්‍යවස්ථාවන් ආදර්ශයට ගන්නා බවද ප‍්‍රකාශ කළේය.
     
    භූතානය ජාත්‍යන්තර තලයේදී ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී භූතාන අග‍්‍රාමාත්‍යවරයා වෙත තම ස්තූතිය පළ කළේය. 
     
    භූතාන වෛද්‍ය සිසුන්ට මෙරටේ වෛද්‍ය විද්‍යාලවල දොරටු විවෘත කිරීමට ශී‍්‍ර ලංකා රජය ගත් පියවර සිය රටේ වෛද්‍ය සේවාවට ලැබුණු මිල කළ නොහැකි මට්ටමේ සහයෝගයක් බව පැවසූ භූතාන අග‍්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළේය.
     
    ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති කොතලාවල වෛද්‍ය පීඨයේ භූතාන් සිසුන් සඳහා ලබාදිය හැකි අවස්ථාව ඉහළ නැංවීමටද, භූතාන වෛද්‍ය නිලධාරින්ට දැඩි සත්කාර සේවා, රෝග නිවාරණ සහ මාතෘ හා ළමා වෛද්‍ය පුහුණු අවස්ථා ශී‍්‍ර ලංකාව තුළදී ලබාදීමටද ජනාධිපතිතුමා මෙහිදි සිය එකඟතාවය පළ කළේය.
     
    භූතාන ශී‍්‍ර ලංකා බෞද්ධාගමික සබඳතා තවදුරටත් තහවුරු කරමින් ඓතිහාසික අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් අද (11) ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් අභියසදී භූතාන අග‍්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීමට නියමිතය.
     
    ඒ පිළිබඳ අදහස් දැක්වූ භූතාන අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ එය දෙරටේ උත්තරීතර සබැඳියාවේ මහඟු සංකේතයක් වනු ඇති බවයි.
     
    දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡා දිගින් දිගටම පැවැත්වීමට එකඟතාව පළ කරමින් දෙරටේ විදේශ ලේකම්වරු අතර ගිවිසුමකට අත්සන් තැබීමද මෙහිදී සිදු කළහ.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya