ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    අසාධාරණයක් වී ඇත්නම් සාධාරණයක් සිදු කිරීමට කටයුතු කරනවා

    අප්‍රේල් 10, 2015
    sudarshaniවිශ්වවිද්‍යාල පාඨමාලා ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අසාධාරණයක් වී ඇත්නම් ඊට සාධාරණයක් සිදු කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන සහ පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද (10) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
     බාහිර උපාධි සඳහා විශ්වවිද්‍යාලවලට බඳවාගැනීම නතර කර නැතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
     
    පේරාදෙණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, නැඟෙනහිර විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය, සෞන්දර්ය හා කලාවිශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය හැර අනිකුත් විශ්වවිද්‍යාලවල බාහිර උපාධි ලියාපදිංචි ගාස්තු  ඉහළ නැංවීමට සැලසුම් කොට නැති බවද පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
     
    විශ්වවිද්‍යාල පාඨමාලා ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් බාහිර උපාධි අපේක්ෂකයින් දැඩි දුෂ්කරතාවයට පත් වන බවත් නැවත පෙර පැවැති පාඨමාලා ගාස්තු මට්ටමට ගෙන ඒමට කටයුතු කරනවාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් විමසීය.
     
    ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ,පාඨමාලා ගාස්තු නියමි වී තිබෙන්නේ අවුරුදු ගණනාවකට කලින් බවත් නැවත කතා කොට අසාධාරණයක් වී තිබේ නම් සාධාරණයක් කරන්නට අදාළ නිලධාරීන්ට කතා කොට කටයුතු කරන බව පැවසුවාය.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya