ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    19 සම්මත වීමෙන් යහ පාලනයට අවස්ථාව

    අප්‍රේල් 27, 2015

    19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර යහ පාලනය ස්ථාපිත කරන්නට අවස්ථාව ලැබෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා අද (27) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයට සහභාගි වෙමින් පැවසීය.


    මේ සංශෝධනයෙන් ජනාධිපති බලතල අඩුවීම ගැන සතුටු වෙනවා. පාර්ලිමේන්තු බලතල නොසලකා හැර පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ට එ‍රෙහි ව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කර තිබීම ගැන සතුටු වෙනවා. නැවත වරක් පාර්ලිමේන්තුවේ අභිමානය රැකගෙන තියෙනවා. අධිකරණයට විවිධ චෝදනා එල්ල වුණා, විධායකයේ කැමැත්තට තීන්දු ලබා දුන් බව කියමින්. මේ අවස්ථාවේදී මෙම සංශෝධන මගින් අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත වෙයි කියා බලාපොරොත්තු වන බව ද ඔහු කීය.

    පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම, විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම වැනි කොමිෂන් ස්ථාපිත කිරීම මගින් නිදහස් පාලනයක් ස්ථාපිත වන බවට අපේක්ෂිත බව ද මන්ත්‍රීවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya