ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට උපරිම සහය දෙනවා

    අප්‍රේල් 27, 2015
    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ප්‍රජාතන්ත්‍රවාදයට ව්‍යවස්ථාව ගෙන යන පළමු පියවරක් ලෙස දකින බවත් මේ සාධනීය පියවරට උපරිම සහය ලබා දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (27) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදයට සහභාගි වෙමින් පැවසීය.
     
    එදා විධායක ජනාධිපති ක්‍රමය නොගැලපෙන බව ප්‍රකාශ කළා. ඒකාධිපති බලතල ක්‍රියාත්මක වන බව ඉන් ඇති වන ප්‍රතිඵල අප පෙන්වා දුන්නා. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදියි කියලා එදා සිට අප කිව්වා. 78 ව්‍යවස්ථාව ගෙන ආ එක්සත් ජාතික එය පක්ෂය ම එය වෙනස් කරන්න ඕනෑ බව පිළිගෙන තියෙනවා. බහුතර ජනතාවට ඒකාධිපති ව්‍යවථාව වෙනස් කරන්න ඕනෑ වෙලා තිබුණා. 
     
    18 වන සංශෝධනයෙන් කළේ විධායක බලය තවත් ශක්තිමත් කර ගැනීමයි. එය අප පෙන්වා දුන්නා. විධායක බලය ඉවත් කරන බවට පොරොන්දු ලබා දුන්නත් එය ඉටුකළේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විධායක ජනාධිපති බලතල ඉවත් කරන බවට පොරොන්දු වුණා. ජනාධිපතිතුමා එම බලතල අඩු කිරීම සම්බන්ධයෙන් අප අගය කරනවා. මේ සාධනීය පියවරට අප උපරිම සහය දෙන බවත් හේරත් මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya