ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දෙවැනි වර කියවීමේ විවාදය ඊයේ ආරම්භ කළ අතර, පක්ෂ නායකයන් රැසක් 19 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විවාදයේ දී සිය අදහස් දැක්වීය.
දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව අදාළ පනත් කෙටුම්පත ඡන්ද විමසීමෙන් සම්මත කිරීමට නියමිතය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධව ඊයේ (27) කල්තබන ලද විවාදය අද (28) දෙවැනි දින උදෑසන 9.30ට පාර්ලිමේන්තුවේ දී ආරම්භ කිරීමට නියමිතය.

















