ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මහා පරිමාණ මූල්‍ය අපරාධ පිළිබඳ සෙවීමට විමර්ශන කාර්යාලයක්

    අප්‍රේල් 28, 2015

    නැවත කිසිවෙකුටත් මහා පරිමාණයෙන් මූල්‍ය අපරාධ කිරීමට නොහැකි වන ලෙස ඒ පිළිබඳ සොයා බැලීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාලයක් මේ අවුරුද්ද අවසන් වීමට පෙර පොලිසිය යටතේ ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා විසින් කරන ලද කරුණු දැක්වීමට පිළිතුරු ලෙස අද (28) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පවසන ලදී.

    මහා පරිණයෙන් මුදල් අපරාධ සිදු කරන්නේ ව්‍යපාරික දැනුමක් ඇතිවයි. කොටස් වෙළෙඳපොළේ මුදල් අයින් කර ගැනීම, පිටරටවලට මුදල් ගෙනයාම වැනි කාරණා පෙන්වා දුන් අගමැතිවරයා එහි පළමු පියවර ලෙස ලේකම් කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කර ඇත. ඒ සඳහා එක්සත් රාජධානිය, ඉන්දියාව ඇතුළු රටවලින් විශේෂඥ පුහුණුව පොලිස් නිලධාරීන්ට ලබා දෙනවා. මේ සඳහා ලෝක බැංකුවෙන් ද ආධාර ලබා ගන්නවා. ආපසු මේ රටේ හොරකම් කරන්න බැරි විදිහට මේ අංශය පිහිටුවන බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya