ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රම්බඩගල්ල ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ජනපති අතින් නිරාවරණය කෙරේ

    මැයි 01, 2015
    හෙළ රජ දවසින් පසු ඉදි වූ විශාලත ම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන රම්බඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සමස්ත ලෝකවාසී ජනතාවගේම වන්දනාමානයට නිරාවරණය කිරීමේ පූජෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (30) පස්වරුවේ පැවැත්විණි.
     
    සමරු ඵලකය නිරාවරණය කර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන වන්දනාමානයට නිරාවරණය කළ ජනාධිපතිතුමා බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ප්‍රථම මල් පූජාව ද සිදු කළේය.
     
    මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටි මෙම අවස්ථාවට  අමාත්‍යවරු වන කරූ ජයසූරිය, විජයදාස රාජපක්ෂ, අකිල විරාජ් කාරියවසම්, ගාමිණි ජයවික්‍රම පෙරේරා, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රි නෙරංජන් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද ප්‍රදේශවාසි සැදැහැවත් ජනතාව අතිවිශාල පිරිසක් ද  එක්ව සිටියහ.
     
    ඡායාරූප  -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya