ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ලෝකයේ ප්‍රබුද්ධ රටක් ලෙස මේ රට ගොඩනගන්න එක්සත්ව සමඟිව එකතුවන්න -ජනපති

    මැයි 01, 2015

    රට ගොඩනැඟීමට රටේ සෑම කෙනෙක් ම එක්සත් භාවයෙන් මිත්‍රශීලීත්වයෙන් සහෝදරත්වයෙන් එකට යන අවශ්‍යතාව අපි සෑම කෙනෙක් ම
    පිළිගෙන තිබෙන බවත් ඒ නිසා අපි බොහෝ දුර යා යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

    ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් අද ( 01) සවස කොළඹ, හයිඩ් පිටියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධාන
    මැයි රැළිය අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසී ය.

    මේ රටේ සමාජ පරිසරය තේරුම් ගැනීම අවශ්‍යයයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මා සතුටුම ජේදය ජනාධිපතිවරයා,
    පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියන ජේදයටයි. රට ගොඩනැගීමට රටේ සෑම කෙනෙක් ම එක්සත් භාවයෙන් මිත්‍රශීලීත්වයෙන් සහෝදරත්වයෙන්
    එකට යන අවශ්‍යතාව අපි සෑම කෙනෙක් ම පිළිගන්නවා. ඒ නිසා අපි බොහෝ දුර යා යුතු වෙනවා. අද අපි මධ්‍යම පන්තික ආදායම් ලබන රටක්
    විදියට, ලෝකයේ ඉහළ මට්ටමේ ආදායම් ලබන රටක් විදියට අපේ මාතෘභූමිය පත් කිරීම ඉතාම අත්‍යාවශ්‍යයයි. ජනතාවගේ අයිතිවාසිකම්, වරප්‍රසාද
    ලබාදෙමින් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් සෑම කෙනෙකුගේම අධිෂ්ඨානශීලීභාවය සමඟ ඉදිරි ගමන් මඟ සකස් කළ යුතුයි. මාව
    හසුරුවන්නට කිසිම පුද්ගලයකුට බෑ. මාව හසුරුවන්නට පුළුවන් ජනතාවට පමණයි.

    මීට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තෙක් නොවේ. තනි තීන්දු අරගෙන වැඩකිරීමේ හැකියාව තිබුණා. මම ඉදිරියට කටයුතු
    කිරීමේ දී 19 වන සංශෝධනයෙන් ඉවත් කරන ලද බලතල වගේම ඉතිරි වී ඇති බලතලවල දී ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස, පොදු සාමූහික සාකච්ඡා
    තුළ, පාර්ලිමේන්තුවේ බහුතරයක අදහස් තුළ, පොදු ජනතාවගේ අදහස් යෝජනා තුළ, වැඩකරන පන්තියේ අදහස් යෝජනා තුළ, පමණයි මා සතු
    බලතල භාවිත කරන්නේ කියා පැහැදිලිව කියන්න කැමතියි.

    ඒ නිසා අපිට සුබවාදී අනාගතයක් තිබෙනවා. කිසිම දෙයක් අසුබවාදී ලෙස සිතන්නට උවමනා නෑ. කිසිම දෙයක් අයහපත් ලෙස සිතන්නට උවමනා
    නැහැ. සුබවාදී ලෙස සිතීමත් අධිෂ්ඨාන ලෙස කටයුතු කිරීමත් යහපත් පරමාර්තයක් ඇතිව වැඩකිරීමත් අත්‍යාවශ්‍යයයි.

    ලෝකයේ ප්‍රමුඛ රටක් ලෙස ඉදිරියට යන්නට, ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්නට ශ්‍රී ලංකාවේ ජනතාව ලෝකයේ උතුම් ජාතියක් 3
    විදියට අද පත් වී තිබෙන තත්ත්ත්වය, තව තවත් ප්‍රබුද්ධ කරමින් ඉදිරියට යන්නට අපි සෑම කෙනෙක් ම අධිෂ්ඨානශීලීව වැඩ කරමු.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අද ඉතා සාර්ථක රැලියක් ජන හමුවක් පැවැත්වීමට සෑම කෙනෙක් ම විශාල කැපවීමක් කර තිබෙනවා.

    අධිෂ්ඨානශීලී ලෙස මිත්‍රශීලීභාවයෙන් මේ රට ගොඩ නගන්නට සහෝදරත්වයෙන් සැම කෙනෙක් ම එකම පවුලක් ලෙස ඉදිරියට යමු කියන
    ගෞරවනීය ආරාධනා කරමින් මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජන කොටස්, බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම් සියලු ජන කොටස්
    ,මැලේ බර්ගර් සියලු ජනකොටස්වල සමඟිය ශක්තිය සහෝදරත්වය, යුතුව ලෝකයේ ප්‍රබුද්ධ රටක් ලෙස මේ රට ගොඩනගන්නට එක්සත් වන්න,
    එකතුවන්න, සමඟි වන්න කියමින් ගෞරවයෙන් ආරාධනා කරමින්, සියලු දෙනාටම ජයවේවා! යැයි ද ජනාධිපතිතුමා පැමිණ සිටි විශාල ජනකාය
    අමතමින් පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya