ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පංචශීල ප්‍රතිපදාව සමාජයට මහඟු සම්පතක්

    මැයි 03, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වෙසක් දින පණිවුඩය,

     

    සියලු සත්ත්වයින් කෙරෙහි උපන් මහා කරුණාවෙන් මෙලොව පහළ වූ අප මහා බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සැමරෙන වෙසක් පොහෝ දිනය අප තුළ ජනිත කරන්නේශාන්තියෙන් පිරි බැතිබර ප්‍රීතියකි.

    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ දස පාරමිතා පුරා භාරතයේ ශාක්‍ය රාජකුමරුවකු ලෙස ලුම්බිනියේ දී උපත ලැබීමත්, අනතුරුව ගිහි සම්පත් හැර දමාතවුස්දම් පුරා උට්ඨාන වීර්යයෙන් බුද්ධගයාවේ දී සම්බුද්ධත්වයට පත් වීමත්, ඉන් පසු 45 වසක් ලෝ සතුන් දුකින් මුදා නිවන් මඟට පිවිස වීමට දහම් දෙසාකුසිනාරාවේ දී පරිනිර්වාණයට පත් වීමත් යන ගෞතම බුදුන් වහන්සේගේ දිවියේවැදගත් අවස්ථා තුනම වෙසක් පුන් පොහෝ දිනයන්හි සිදු විය.

     

    මනුෂ්‍යයාට පමණක් නොව, සියලු සත්ත්වයන්ට සසරින් එතෙර වීමට බුදුන් වහන්සේදෙසූ ධර්මය අපේ පුංචි දිවයිනෙහි අදටත් සුරැකීව පවතී. ලොව සියලු යුගයන්ටසරිලන සේ දෙසූ එම අකාලික ධර්මය අද පවා අපේ ජීවිතවලට වඩ වඩා සමීප කරගැනීමෙන්මෛත්‍රී සහගත සමාජයක් බිහි වෙයි.

     

    බුදු දහමෙහි සඳහන් මෛත්‍රිය, මෘදු බව, කරුණාව හා උපේක්ෂාව මඟින් පෝෂණයවූ සහජීවනය, සමානාත්මතාව, සාධාරණත්වය පෙරදැරි කොටගත් යහපත් සමාජයක් අපේමාතෘ භූමියෙහි ගොඩනැඟීමට අභිනව පියවර ගැනෙමින් තිබෙන මේ මොහොතේ උදා වූවෙසක් මංගල්‍යය අපට ආශීර්වාදයකි. බුදු දහමේ අත්දැකීම් ලැබීමට වාසනාව ලත්අපේ ජනතාව එහි ඉගැන්වීම් වඩවඩාත් අනුගමනය කිරීමෙන් අධ්‍යාත්මික විමුක්තියක්කරා එළැඹෙන අතරම යහපත් සමාජයක් ගොඩනැඟීමට ද දායක වෙත්වා යි මම ප්‍රාර්ථනාකරමි!

     

    ඔබ සැමට ශුභ වෙසක් මංගල්‍යයක් වේවා!

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya