ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජනපති අම්පාර මහ රෝහලේ නිරික්ෂණ චාරිකාවක

    මැයි 04, 2015
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ (03) අම්පාර මහ රෝහලේ නිරික්ෂණ චාරිකාවක නිරත විය. එහි වාට්ටු සංකීර්ණ වෙත යමින් රෝගින්ගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා ඔවුන්ට පළතුරුවලින් සංග්‍රහ කළේය.
     
    අනතුරුව රෝහල් ශ්‍රවණාගාරයේ දී කාර්ය මණ්ඩලය හමු විය. ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් සමරු තිළිණයක් ද පිළිගැන්විණි.
     
    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, නැගෙනහිර පළාත් සභා විපක්ෂ නායක දයා ගමගේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩී.එම්.ආර්.බී. දිසානායක, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය පී.කේ.සී.එල්. ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.
     
    ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya