ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තරුණ පරපුර ගැන සිතා වැඩ කටයුතු කිරීමට කාලය එළඹ ඇත

    මැයි 05, 2015

    අපි පළමුව සිතිය යුත්තේ රටේ තරුණ පරපුර ගැන ද නැත්නම් අපේ දේශපාලන පක්ෂ ගැන ද යන්න තීරණය කළ යුතු බවත් අවුරුදු 60ක්ම පක්ෂ ගැන සිතා වැඩකටයුතු කළ නිසා දැන්වත් තරුණ පරපුර ගැන සිතා වැඩ කටයුතු කිරීමට කාලය එළඹ ඇති බව සියලුම දේශපාලන පක්ෂවලට දන්වා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    සමස්ථ ලංකා යෞවන සමාජ සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. පසුගිය සෙනසුරාදා (02) නාවින්න ක්‍රීඩාංගණයේ දී පැවති මෙම උත්සවය ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධානය කොට තිබිණි.

     

    ප්‍රථම වරට යෞවන සමාජ සියල්ලටම ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙන අතර යෞවන පාර්ලිමේන්තුවට වර්ෂයකට මුදල් දෙන්නට ලබා දුන් පොරොන්දුවට අනුව අද සෑම යෞවන සමාජයකටම මෙසේ ක්‍රීඩා භාණ්ඩ ලබා දෙන්න ආරම්භ කළ බව අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.


    හොඳ රැකියා බිහි කළ යුතු අතර රජයේ ඉලක්කය වන රැකියා ලක්ෂ 10 ඇති කිරීමටත් රටේ ආදායම වැඩි කිරීමටත් පියවර ගත යුතු බවත් එසේ කටයුතු කිරීමෙන් තරුණ තරුණියන්ගේ අනාගතය තහවුරු වන බවත් අගාමාත්‍යවරයා පවසා සිටියේය.

     

    අධ්‍යාපන ක්‍රමය තවදුරටත් ප්‍රතිසංවිධානය කොට නවීකරණය කළ යුතු බවත් ඒ සියල්ල තුළින් අතේ මුදල් ඇති තමන්ට සමාජයේ නිදහසේ ජීවත් විය හැකි යෞවන පරපුරක් බිහි කළ හැකි බවත් ඒ මහතා මෙහිදී පවසා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya