යොවුන් පාර්ලිමේන්තුව අලුතින් ප්‍රතිසංවිධානය කොට එම වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා රුපියල් මිලියන 250ක් වෙන්කර තිබෙන බවත් ඒ අනුව තරුණ සේවා සභාවේ සංවර්ධන වැඩකටයුතු වලට ලබා දී ඇති මුදල්වලට අමතරව යොවුන් පාර්ලිමේන්තුවටත් මුදල් ලබා දී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
තමන්ගේ සංවර්ධන අයවැය සකස් කොට ඒ සංවර්ධන අයවැය අනුව ව්‍යාපෘතිවලටත් අනෙකුත් අවශ්‍ය දේවල්වලටත් ඒ මුදල් ලබාදීමට හැකිවන පරිදි ඒ හැමදෙනාටම පුහුණවක් ලබාදෙන අතර මෙමඟින් එක් පැත්තකින් නායකත්ව පුහුණුවත් අනෙක් අතින් සම්පත් ලබාදීමත් සිදුවෙන බවත් ඒ මහතා කියා සිටියේය.
බස්නාහිර පළාත පමණක් නොව අනෙකුත් පළාත් 08 සඳහා ද යෞවන කේන්ද්‍ර හා යෞවන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙන බවත් පළමු වැඩසටහන උතුරු පළාතේ යාපනයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
SDF