ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    කුමන බලපෑම් ආවත් ඍජුව වැඩකරන පිරිසක් බවට විනිසුරුවරුන් පත් විය යුතුයි

    මැයි 10, 2014

    අපක්ෂපාතී මෙන් ම කුමන බලපෑම් ආවත් ඍජුව වැඩකරන පිරිසක් බවට විනිසුරුවරුන් පත් විය යුතු බවත් එය පුහුණු පාසලකින් ඇති කළ නොහැකි බවත් බලපෑම්වලට යට නොවීම, මුදලට යට නොවීම විනිසුරුවරුන් වෙත තිබිය යුතු ගුණාංග බවත් සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    ඇතැම් නඩු කටයුතුවලට දින වකවානු නම් කළ නොහැකි බවත් අපරාධ නඩු සඳහා රස පරීක්ෂක වාර්තා ලබා ගත යුතු ව ඇති අතර ඒ සම්බන්ධයෙන් පැවති ප්‍රමාදයන් ඉවත්කිරීමට කටයුතු කර ඇති බව ද සභානායකවරයා සඳහන් කළේ විනිශ්චයකාරවරුන්ගේ වෘත්තීය පුහුණු ආයතනයක් පිහිටුවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ආ එජාප මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාට පිළිතුරු දෙමිනි.


    අධිකරණමය කටයුතු පිළිබඳ දැනුම ප්‍රගුණ කිරීමේ වැදගත්කම පිළිගනිමින්, 1958 අංක 46 දරන පනතින් ශ්‍රී ලංකා විනිශ්චයකාරයන්ගේ ආයතනය පිහිටුවා ඇති බවත් ඒ ආයතනය කළමනාකරණ මණ්ඩලයක් මඟින් පාලනය වන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා එම මණ්ඩලය අගවිනිසුරු, ජනාධිපතිතුමා විසින් පත්කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත බව ද පැවසීය.


    අපේ අධිකරණ පද්ධතිය තුළ ගැටලු රාශියක් පවතී. එය අපේ රටට පමණක් නොව තුන්වන ලෝකයේ සෑම රටකටම පාහේ පොදු තත්ත්වයක් වන බව පැවසූ අමාත්‍යවරයා අධිකරණ කටයුතුවලදී විත්තිකරුවකුගේ මුහුණ බලා ඔහු වැරදිකරු ලෙස නම් කළ නොහැකි බව ද යුක්තිය පසිඳලීමේ දී යම්කිසි කාලයක් ගත වන බව ද පැවසීය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya