ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මීරියබැද්ද නාය යාමෙන් අවතැන්වූ පවුල් නැවත පදිංචි කිරීමට කඩිනම් පියවර

    මැයි 13, 2015

    මීරියබැද්ද නාය යාමෙන් අවතැන්ව තවමත් උන් හිටි තැන් අහිමිව සිටින ජනතාව නැවත පදිංචි කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

    මීරියබැද්ද නාය යාමෙන් අවතැන්වූ පවුල් 77 ක් තවමත් උන් හිටි තැන් අහිමිව සිටිති. එම ජනතාව නැවත පදිංචි කිරීමට ගෙන ඇති පියවර කුමක්දැයි නිලධාරින්ගෙන් ප‍්‍රශ්න කළ ජනාධිපතිතුමා ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් සේ සලකා ඔවුන් නැවත පදිංචි කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය.

     

    එම පදිංචි කිරීම් සඳහා අදාළ ඉඩම් මේ වන විට හඳුනාගෙන ඇති අතර නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් කඩිනමින් යොමු කරන ලෙස ජනාධිපතිතුමා එම අවස්ථාවේදීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දුරකතනයෙන් උපදෙස් දුන්නේය.

     

    එමෙන්ම එම කටයුතු සොයා බැලීමට ආපදා කළමණාකරන අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙකු ඇතුළු රජයේ නියෝජිත පිරිසක් මෙම 14 වනදා එම ප‍්‍රදේශයට පිටත්කර හැරීමටද උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබන සදුදා වන විට තමා වෙත ලබාදෙන ලෙසද උපදෙස් දුන්නේය.

     

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව අද (11) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් වු අවස්ථාවේදීය.

     

    2013 ජනවාරි මාසයෙන් පසුව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව රැස්වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

     

    ආපදා රැසකට මුහුණ දුන් පසුගිය වසරේ එක් අවස්ථාවක හෝ මෙම සභාව රැස් නොවීම කණගාටුවට කරුණක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රටේ ජනතාව හදිසි ස්වභාවික ආපදාවලින් ගලවා ගැනීමට මෙම කමිටුව සක්‍රීයව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

     

    දිවයිනේ ප‍්‍රදේශ රැසක නායයාම්වලට ප‍්‍රධාන හේතුව අවධිමත් ඉදිකිරීම් බව මෙහිදී පෙන්වා දුන් නිලධාරිහු දිනෙන් දින එම තත්ත්වය ඉහළ යාම නිසා මතුව ඇති අභියෝගයන් පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කළහ.

     

    යාපනය, වලිකාමම් භූගත ජල දුෂණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසීය.

     

    ජනතාවගේ ගැටලුවලදී පළාත් සභා, මධ්‍යම රජය කියා බෙදී වෙන් නොවී සියලුදෙනා එක්ව එම ගැටලුවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේය.

     

    පාසල්වල ආපදා කළමනාකරණ ස්වේච්ඡා ශිෂ්‍ය භට කණ්ඩායම් ඇති කිරීමට ගෙන ඇති වැඩපිළිවෙලේ ප‍්‍රගතිය ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ආපදා කළමණාකරනය පිළිබඳව පාසල් සිසුන්ට පුහුණුවක් ලබාදීමට ගෙන ඇති එම වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

     

    ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන ජෝෂප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග, රවී කරුණානායක, මංගල සමරවීර, රවුෆ් හකීම්, මහින්ද අමරවිර, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, ප‍්‍රධාන අමාත්‍යවරුන් වන මහීපාල හේරත්, ප‍්‍රසන්න රණතුංග, දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන්ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින්හු මීට එක්ව සිටියහ.

     

    priu/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya