ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රවල නේවාසික ගැටලු විසඳීමට කඩිනම් පියවර

    මැයි 13, 2015

    නේවාසික පහසුකම් අවම ප‍්‍රදේශවල සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි නිරතවූවන් වෙනුවෙන් කඩිනමින් නේවාසිකාගාර ඉදිකිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශවල සේවයට දුෂ්කර ප‍්‍රදේශ වෙත පත්වීම් ලබන පුද්ගලයින් එම පත්වීම් භාර නොගැනීම සහ තෘප්තියකින් තොරව එම සේවාවේ නිරත වීම හේතුවෙන් උපරිම ඵලදායිතාවක් ලඟා කර ගැනීමට නොහැකි වීමට පිළියම් ලෙස මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පැවසීය.

     

    ඊයේ (12) පෙරවරුවේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සංවිධානයෙන් අරලිගහ මන්දිරයේ පැවති ජාත්‍යන්තර හෙද සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ය.

     

    එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ණය ආධාර ලබා දීමේ දී ද අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවයට ප‍්‍රමුඛතාව ලබා දීමට අපේක්ෂා කරන බවයි.

     

    එසේම, අධ්‍යාපන සහ සෞඛ්‍ය විෂයන් සඳහා ඉදිරියේ දී අයවැය මගින් වෙන් කරන මුදල් ඉහළ දැමීම, ඉදිරි වසර දෙක තුළ හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට පියවර ගැනීම හා ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට මෙරට හෙද හෙදියන් යොමු කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් වත්මන් රජය වැඩි අවධානයකින් කටයුතු කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

     

    මින් පෙර සිටි පාලකයින් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිතිවල ඉල්ලීම් වෙනුවෙන් දැක්වූ අඩු අවධානය සහ නොසැලකිල්ල පිළිබඳව ද මෙහිදි ජනාධිපතිතුමා සිහිපත් කළේය.

     

    හෙද සේවාවේ විවිධ දක්ෂතා දැක්වූ පිරිසක් සහ හෙද සේවාවේ විශේෂ සේවයක් ඉටු කළ පිරිසක් මෙහිදී ජනාධිපතිතුමන් අතින් සම්මානයට ද පාත‍්‍ර විය.

     

    මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය කරූ ජයසූරිය, අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

    priu/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya