ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අලි 10ක් පමණ කූට ලේඛන මඟින් රඳවා ගෙන සිටි

    මැයි 21, 2015

    බලපත්‍ර අක්‍රමවත් ලෙස රඳවාගෙන සිටින අලි 50ක් පමණ සිටින බව වාර්තා වී ඇති නමුත් ඉන් අලි 10ක් පමණ කූට ලේඛන මඟින් රඳවා ගෙන සිටින බවට සඳහන් වන නිසා පරීක්ෂණයක් පවත්වා ඒ ගැන නිගමනයකට පැමිණිය යුතු බව ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    විගණන වාර්තා අනුව අලි 10ට වැඩි සංඛ්‍යාවක් මෙසේ රඳවා ගෙන සිටින බව සඳහන් වේ. මේ ගැන සී.අයි.ඩියට ද භාර දී ඇත. අලි ගහණය වැඩි බව කියන එක මිත්‍යාවක්. යුද්ධ කාලයේ අලි ගහණය අඩු වුණා. අලියාට සුපුරුදු පරිසරය නැති වීමත් වනෝද්‍යානවලට ගව පට්ටි ඇතුළු කිරීමත් මීට හේතුවක්. මහවැලි ප්‍ර දේශයේ පුද්ගලික අයිතිය යටතේ වගාවන් සඳහා විශාල ඉඩම් ලබාදීමත් අලියාට පරිසරය නැති වීමට හේතු වී තියෙනවා. අදාළ ඉඩම් ගැන තීරණයක් ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

    පසුගිය ජනාධිපතිවරණයෙන් පසු අත් අඩංගුවට ගත් බලපත්‍ර සහිත අලි ඇතුන් සංඛ්‍යාව 08 දෙනෙකි. බලපත්‍ර රහිත අලි ඇතුන් 03ක් ද අත් අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නිසා එම කටයුතු අවසන් වීමෙන් පසු අදාළ නියෝග අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya