ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට 41%ක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන්න කිව්වා

    මැයි 21, 2015

    ආර්ථික ඝාතකයන්ගේ වැඩ නිසා සෙලින්කෝ සමාගම කඩාවැටුණු බවත් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට 41%ක් දෙන්න කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23 (2) යටතේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    රටේ ආර්ථිකය කාපු අය ගෝල්ඩන් කී කඩා වැට්ටුවා. මිලියන 26,800ක තැන්පත් වටිනාකම නිරාකරණය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් එකඟතාව අනුව අපි කටයුතු කරන්නේ. මේ තැන්පත්කරුවන්ට දැන් ගෙවන්න යන කොට අහනවා, මේක සාධාරණ ද කියලා.

    දින 100න් කරන වැඩවලින් 91%ක් කර අවසන් කළා. අවුරුදු 12ක් ආණ්ඩුව නැති කරපු එක දින 100න් කරන්න බැහැ. මේ ගෙවීම් ගැන ජනාධිපති හා අගමැති අදාළ උපදෙස් ලබා දී තියෙනවා. අදාළ ලැබීම්, මුදල් ආපසු ගෙවීමේ සැලසුම් ලිඛිත ව ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන්නම්. මේක මෝෂන් එකක් දාලා ගෙවන්න හැකි නම් ලබන සඳුදා සිට ගෙවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya