ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අභාවප්‍රාප්ත එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ශෝක ප්‍රකාශය පාර්ලිමේන්තුවට

    මැයි 22, 2015

    කෘතහස්ත දේශපාලඥයෙකු වන ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ශෝක ප්‍රකාශය අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.


    සභානකාය, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඒ පිළිබද යෝජනාව මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසු‍වේ, පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් මහත් මෙහෙයක් ඉටුකළ, රාජ්‍ය තාන්ත්‍රික සබදතා ගොඩනැගූ පුරුෂයෙක් ලෙස බණ්ඩාරනායක මහතා හැදින්විය හැකි බවයි.

    දුප්පත් ජනතාවට නායකත්වය ලබාදෙමින් වාමාංශික මත ඔස්සේ පක්ෂය ඉදිරිය කරා මෙහෙය වූ බණ්ඩාරනායක මහතා තම ආසනයේ දිළිදු පවුල් දහස් ගණනකට තම ඥාතීන්ගේ ඉඩම් පවරාගෙන ලබාදෙමින් ප්‍රශංසනීය සේවයක් ඉටුකළා. තම මැතිවරණ කොට්ඨාසයේ දරුවන් වෙනුවෙන් ගම්පහ බණ්ඩාරනායක ජාතික පාසල ඇතුළු පාසල් 17ක් ආරම්භ කිරීමට පියවර ගත්තා. ජනතාව වෙනුවෙන් කටයුතු කළ එතුමාට නිවන් සුවලැබේවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya