ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පවිත‍්‍රතාවය සහ අලංකරණය කටයුතු අඛණ්ඩව

    මැයි 22, 2015
    කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල පවිත‍්‍රතාවය සහ නගර අලංකරණ කටයුතු අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.
     
    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පවිත‍්‍රතාවය සහ නගර නගර අලංකරණ කටයුතු පිළිබඳ ව ඊයේ (21) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවතී විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.
     
    කොළඹ නගරය පිරිසිදු සහ ආකර්ශනීය නගරයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු විධිමත් අයුරින් කි‍්‍රයාත්මක කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා අතරමඟ නවතා ඇති සියලු කටයුතු කඩිනමින් ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ද අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 
     
    ඒ ඒ ආයතන වෙත පැවරී ඇති වගකීමි අකුරට ම ඉටු කරන්නේ නම් ගැටලු මතු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා තමන් වෙත පැවරී ඇති කාර්යයන් නිසි ලෙස හඳුනාගනිමින් සියලුදෙනා කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළේය. 
     
    පරිසර පොලිසියේ මැදිහත්විමෙන් නගාරාධිපතිවරුන් ඇතුළු සියලු වගකිව යුතු පාර්ශවයන්ගේ දායකත්වයෙන් අවශ්‍ය වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. 
     
    පරිසරය පවිත‍්‍රව තබා ගැනීම තුළින් ඩෙංගු වැනි රෝගවලට ජනතාව ගොදුරුවීම වළක්වා ගත හැකි බවද ජනාධිපතිතුමා 
    පෙන්වා දුන්නේය.
     
    නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම්, ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya