ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සෑම පළාතකම තරුණ මධ්‍යස්ථානයක් ඇති කළ යුතුයි

    මැයි 25, 2015

    සෑම පළාතකම තරුණ මධ්‍යස්ථානයක් ඇති කළ යුතු බවත් ඒ හරහා හොඳ දක්‍ෂ තරුණ නායකයින්ට ඉදිරියට යාමට මාර්ගය පෙන්විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය සෙනසුරාදා (23) මහරගම ජාතික තරුණ සේවා සභා ශාලාවේ පැවති ජාතික තරුණ දින සමුළුව අමතමිනි.

     

    එන වසරේ යොවුන් පුරයක් පවත්වන්නටත් සුදුසු ස්ථානයක්  ඒ සදහා සොයන ලෙසත් යෞවන සමාජවලින් අදහස් ලබාගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා එහිදී විශේෂයෙන්ම තරුණ සේවා සභාවේ සභාපතිතුමාට සහ ඇමතිතුමාට දන්වා සිටියේය.

     

    තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

     

    “මේ පාර්ලිමේන්තුවේ කෑගසන අය තමන් පිළිබද කතා කළා මිස තරුණයන්ගේ ප්‍රශ්න පිළිබද කථා කළේ නැහැ. එම නිසා තරුණයන්ට පාර්ලිමේන්තුව ගැන විශේෂයෙන්ම විශ්වාසය නැතිවුණා.  

     

    ඉදිරියේදි නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීම සිදුවෙනවා. පාර්ලිමේන්තු ඡන්දයේදී මෙතන රැස්වෙලා ඉන්න තරුණ තරුණියන් විවිධ පක්‍ෂවලට ඡන්දය ලබා දෙනවා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. ඒත් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එහිදි තරුණ ප්‍රශ්න විසදීම සහ රටේ ප්‍රශ්න විසදීම සිදු කිරිමට හැකිවෙනවා. තමන් තමන්ගේ පක්‍ෂය සඳහා ඡන්දය ලබාදීමෙන් පසු තරුණ ඡන්ද මගින් තරුණ ප්‍රශ්න විසදීමට පුළුවන්. තමන්ට විශ්වාසය ඇති මන්ත්‍රිවරුන් තෝරා පත්කර ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා.

     

    මනාපය සඳහා සංගීත සංදර්ශන පවත්වන අය, බත් දන්සැල් පවත්වන අය මෙන්ම, තමන්ට පුද්ගලිකත්වය පමණක් සිතන මන්ත්‍රිවරුන්, කිසිම හරයක් නැතිව කථා කරන මන්ත්‍රිවරුන්, තරුණයන් පිළිබද නොසිතන මන්ත්‍රිවරුන්, තෝරා පත් කරගත හොත් එන පාර්ලිමේන්තුවේ තරුණයන්ට ප්‍රශ්න විසදීමට නොහැකි වනවා. 


    එමනිසා තමන්ගේ ප්‍රශ්න විසදීමට හැකියාවක් ඇති කණ්ඩායමක් තෝරා පත් කර ගැනීම ඔබගේ වගකීම වෙනවා. එමගින් මුළු පාර්ලිමේන්තුවම එක්ව කටයුතු කිරිමට හැකියාව ලැබෙන අතර, තරුණ ප්‍රශ්න පිළිබද අවධානය යොමු කිරිමට හැකියාව ලැබෙනවා.  මෙහිදී  තරුණ ප්‍රශ්න පිළිබද කථා කරන ප්‍රතිපත්ති සෑදීමට හැකි කණ්ඩායමක්  අප තෝරා පත්කල යුතුයි.

     

    රට ඉදිරියට ගෙන යාම සඳහා දක්‍ෂකම් සහ දර්ශනයක් ඇති හොඳ අය තෝරා පත් කර ගත යුතුයි. ඒ අකාරයට වැඩ කටයුතු සිදුවීමෙන් අපේ තරුණයන්ට සුන්දර හෙටක්  ඇති කරන්න පුළුවන් කියලා මම කියන්න කැමතියි.

     

    විශේෂයෙන්ම විශාල වගකීමක් තරුණ සේවා ඇමතිතුමා භාර අරගෙන තිබෙනවා. යෞවන සේනාංකයේ වැඩ කටයුතු කිරිමට සහ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීම මෙම වගකීමයි.  ඉතා කෙටි කාලයකින් තරුණ සේවා සභාව පිළිබද විශ්වාසය ඇති කිරිමට සහ එය ඉදිරියට ගෙන යාම සදහා තරුණ සේවා සභාවේ සභාපතිතුමාට වගකීම පැවරීලා තිබෙනවා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ වැඩ කටයුතු කිරිමේදි තරුණයන්ට සේවය කරන්නේ කෙසේද යන්න 21 වන ශත වර්ෂයේ දෙවන කාල සීමාවට අයත්, දෙවන දශකයට උචිත වන පරිදි තරුණයන්ට අවශ්‍ය සේවා ලබාදීමට තරුණ සේවාවක් සහ තරුණයන් වෙනුවෙන් වැඩ කටයුතු කරන සභාවකුත් තරුණයන්ගේ ප්‍රශ්න විසදිය හැකි පාර්ලිමේන්තුවකුත් ඇතිවේවා කියා ප්‍රාර්ථනා කරනවා.“ යැය ද පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya