ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජනපති ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරස්ථානයේ ආගමික වතාවත්වල

    ජූනි 01, 2015

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (01) පස්වරුවේ ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ  ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

    තන්තිරිමලේ පුද බිම වෙත ගිය ජනාධිපතිතුමා පළමුව විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා පිරිකර පූජා කළේය.

     

    අනතුරුව ආගමික වතාවත් සඳහා එක් වූ අතර අම්පාර ලාහුගල නීලගිරි චෛත්‍යයෙන් හමු වූ සර්වඥ ධාතුන් වහන්සේ විහාරස්ථ ධාතු මන්දිරයේ තැන්පත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    මෙහිදී විහාරස්ථානයේ අභිනව දාන ශාලා ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

     

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී. හැරිසන්, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර,  ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya