ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    "ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව" ජනපති සුරතින් විවෘත කෙරේ

    ජූනි 02, 2015

    පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් 53 වන වරටත් සංවිධානය කරන ලද ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ඊයේ (01) පස්වරුවේ විවෘත කෙරිණි.

    ඊයේ පස්වරුවේ මිහින්තලා පුද බිම වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව විදුලි පහන් දල්වා ආලෝක පූජාව විවෘත කළේය.

     

    සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පළමු බෞද්ධ පුවත්පත වන (බුදුසරණ) පුවත්පතේ 50 වන කලාපය ද එම ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීය.

     

    පොසොන් පෝයට සමගාමීව පැවැත්වෙන මිහිදු මහ පෙරහැරේ සධාතුක කරඩුව නිළමේවරුන් වෙත භාර කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේ කියා සිටියේ බුදු දහම සිරිලකට ලැබුණු මිහින්තලා පුදබිමට රාජ්‍ය නායකයා පැමිණීම ගෞරවයක් බවයි.

     

    එදා මෙදා තුර බුදු සසුන මෙරට ආරක්ෂා වී පැවතියේ රාජ්‍ය නායකයාගේ අනුග්‍රහය නොමදව ලැබුණු නිසා බව පැවසූ උන්වහන්සේ ගරු ජනාධිපතිතුමන් බුද්ධ ශාසනයේ චිරස්ථීතිය වෙනුවෙන් දක්වන දායකත්වය ද ප්‍රශංසනීය ලෙස අගය කළහ.

     

    උතුරුමැද පළාතේ ගෞරවනීය මහා සංඝරත්නය ද, උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පාඨලී චම්පික රණවක, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගීව සිටියහ.

     

    SDF

    08 104 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya