ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජනපති පොසොන් දින පණිවිඩය

    ජූනි 02, 2015

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ පොසොන් දින පණිවිඩය,

     

    "පොසොන් පසළොස්වක පොහොය උදාව අප සැදැහැසිතින් පිළිගන්නේ ශ්‍රී ලාංකීය ජාතියට බුදුදහමත් එමගින් මහා සංස්කෘතිකඋරුමයක් හා අභිමානයක් දායාද කල අනුබුදු මිහිදු මහා රහතන්වහන්සේ පිළිබදඅප්‍රමාණ ගෞරවයද පෙරදැරිවය.

     

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්වනවර්ෂයේදී ලක්දිවට වැඩම කල මිහිදු මහරහතන්වහන්සේ සකල ලක්වාසීන්ට පමණක් නොවසතාසීපාවාට, පරිසරයට මහා ශක්තියක් ගෙන දුන්නේය. උන්වහන්සේ ආඞ්‍ය වූ මහාසම්පත් ද සුඛ විහරණයද අතහැර දමා ආදර්ශයෙන්ම අප සමාජ ගත කල අල්පේච්ඡ ජීවිතදර්ශනය අදත් අපගේ ජීවිතවලට ගෙනදෙන සහනය අපමණය. පොසොන් සමයේ සැදැහැවතුන්ගේනෙත ගැටෙන මිහිදු ගුහාව ද සංකේතවත් කරන්නේ එයයි.

     

    එපමණක් නොව දුරාතීතයේ මිහින්තලයද කේන්ද්‍රකර ගනිමින් නැගි සදහම් පණිවිඩයේ අනුහසින් අනුරාධපුරය, පොලොන්නරුව වැනිකීර්තිමත් රාජධානි අප ජාතියට දායාද විය. බුදු දහමින් ලද අධ්‍යාත්මික පෝෂණයතුලින් නිමැවුණු සංස්කෘතික උරුමයේ නටබුන් අද ද අපට දැකිය හැකිය. එවන්නිර්මාණශීලී අතීතයකට අපට උරුමකම් කිව හැක්කේ බුදු දහම තුලින් ලත්භික්ෂනයෙනි.

     

    යහපත අයහපත හදුනාදෙමින් මිහිදු හිමියන්පෙන්වා දුන් ශ්‍රී සම්බුද්ධ දේශනාවේ මග ගත් අප සුචරිවත් ජාතියක් ලෙස ලොවහමුවේ අභිසෙස් විය. අතීතයේ පටන් අප රාජ්‍ය පාලකයෝ ද දහම ගුරු කොට ගනිමින්සැමට සාධාරණය ඉටුවන සමාජයක් ගොඩනැගීමට කටයුතු කළහ. අප වර්තමානයේ පියවර තබාඇත්තේ අපෙන් ගිලිහී යමින් තිබු ඒ සදාචාරවත්දැය ගොඩනැගීමටය.

     

    සියලු අවභාවිතයන් පිළිකෙව් කිරීමත් ගෞරවණීයපුරවැසියන් ලෙස සැමට ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීමත් සම්බුදු දහම ගුරුකොට ගත් වර්තමානයේ රාජ්‍ය ප්‍රතිපත්තිය කොටගෙන තිබේ.

     

    යෝ චෙ වස්සතං ජීවෙ කුසීතෝ හීන වීරියො

    එකාහ ජීවිතං සෙයේයාවිරියමාරභතො දල්හාං

     

    කම්මැලි වූ, කායික චෛතසික වීර්යය නැතිකෙනෙකුගේ සියක් අවුරුදු ජීවිතයට වඩා දැඩි වීර්යයෙන් යුක්තයාගේ එක දවසකජීවත් වීම ඉතා උතුම් යැයි සම්බුදු දේශනාවේ සදහන් වෙයි. ඒ මග යමින්අධිෂ්ටානය හා වීර්යය පෙරදැරිව පිළිවෙත් පුරා අධ්‍යාත්මික හා භෞතික ජීවිතයජය ගැනීමට මේ පොසොන් සමයේ අදිටන් කර ගනිමු.

     

    ඔබ සැමට සදහම් පිරි පොසොන් මංගල්‍යයක් වේවා !"

     

    PMU/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya