ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මේ වසරේ රජයේ ආදායමේ පැහැදිලි වර්ධනයක්

    ජූනි 09, 2015

    මේ වසරේ රජයේ ආදායම පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය 2014ට සාපේක්ෂව 21%කින් වර්ධනය වී ඇති බව ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23(2) යටතේ දින 100 ඇතුළත ක්ෂණික සහන වැඩපිළිවෙළ යටතේ සමෘද්ධි සහනාධාරය 200%කින් වැඩි කිරීම ඇතුළු ව ලබාදුන් පොරොන්දු හරිහැටි ඉටුනොවීම සම්බන්ධයෙන් කරුණු විමසමින් කළ ප්‍රකාශයට අදහස් දක්වමිනි.

    2015 මුල්මාස 05 තුළ රජයේ ආදායම රුපියල් බිලියන 492කි. එය 2014 රුපියල් බිලියන 406ක් වුණා. රාජ්‍ය සේවක වැටුප්, සමෘද්ධි සහනාධාර, අනෙකුත් දීමනා වැඩිවීම නිසා පුනරාවර්තන වියදම 12.5%කින් ඉහළ ගොස් තියෙනවා. එය රුපියල් බිලියන 623ක් වන අතර පසුගිය වසරේ රුපියල් බිලියන 554ක් වෙනවා.

    වැඩිහිටි දීමනා 2015 රුපියල් බිලයන 3000ක් වෙන්කර තියෙනවා. එය 2015 රුපියල් 2000 බැගින් ලබා දෙනවා. 2014 ලබා දුන්නේ රුපියල් 1000කි. මේ වන විට දීමනා ලැබූ සංඛ්‍යාව 248842 සිට 386080ක් දක්වා ඉහළ ගොස් ඇත. එක්ලක්ෂ පනස් දහසක් වැඩිපුර ලබාදෙනවා. රුපියල් මිලියන 2436ක් ඒ සඳහා වැය කර තියෙනවා.

    2015 මුල් මාස 05 තුළ ප්‍රාග්ධන වියදම්වල සුළු අඩුවීමක් දැකිය හැකි වුවත් ඉදිරියේදී ඒවා සඳහා ප්‍රතිපාදන ලබාදෙන්න කටයුතු කරනවා. ස්වර්ණාභරණ සඳහා වූ ගෙවිය යුතු පොළී කපා හැරීමේදී 2015 අප්‍රේල් 30 වන විට පොළී සහනය 14988 දෙනෙකුට ලබා දී තියෙනවා. පොලී සහනය ලබා ගන්න අවස්ථාව තවමත් තියෙනවා. සමෘද්ධි සහනය 200%කින් වැඩි කිරීම සඳහා රුපියල් බිලයන 41ක් වෙන් කළා.

    අපිට ලබා දුන්නේ කඩවැටුණු ආර්ථිකයක්. එදා සිදු කළ ඇතැම් ගිවිසුම් නිසා අද අපිට ණය වෙනුවෙන් ඉහළ පොළියක් ගෙවන්න සිදු වෙලා තියෙනවා. දින 100 අපි වෙච්ච පොරොන්දු සියල්ල ඉෂ්ට කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya