ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රට විරුවන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා යෝජනා ක්‍රමයක්

    ජූනි 09, 2015

    විදෙස් රටවල රැකියාව සඳහා ගොස් සිටින රට විරුවන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා යෝජනා ක්‍රමයක් පිළිබඳ 2015දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දින 100 වැඩපිළිවෙළ යටතේ සඳහන් වූ බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසීය.


    අමාත්‍යතුමිය මේ බව පැවසුවේ, අද (09) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    මේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා සමාජ ආරක්ෂණ අරමුදල, විගමනිකයන්, හාම්පුතුන් හා රජය දායක කර ගැනීමට කටයුතු කරනු ඇත. ඒ සඳහා විදෙස් රටවල රැකියාව සඳහා ගොස් සිටින පිරිස අතුරින් 95%ක් අනුගත කර ගන්න අපේක්ෂිතයි. අදාළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව ද අමාත්‍යවරිය පැවසුවාය.

    මේ විශ්‍රාම වැටුප් ක්‍රමය අනාගතයේ කිසිවෙකුටවත් වෙනස් කිරීමට නොහැකි වන ලෙස සකස් කිරීමට බලාපොරොත්තු වන ලෙස ද ඇය සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya