ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    බිංගිරිය ජනතාවට විශාල සේවයක් කළ නිහතමානී දේශපාලන චරිතයක්

    ජූනි 09, 2015

    A shanthaසමස්ත බිංගිරිය ජනතාවට විශාල සේවයක් කළ නිහතමානී දේශපාලන චරිතයක් ලෙස අපවප්‍රාප්ත කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුණිදාස ප්‍රේමචන්ද්‍ර මහතා හැදින්විය හැකි බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩර මහතා පැවසී ය.

    කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුණිදාස ප්‍රේමචන්ද්‍ර මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ දී අඳහස් දක්වමින් අද (09) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    ඉතාම බැරෑරුම් කාලයක ඉතාම අසිරු අමාරු කාලයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගෙන, පක්ෂයේ දියුණුවට කැප වූ පුද්ගලයෙක්. පක්ෂය වෙනුවෙන් එතුමා පෞද්ගලික ප්‍රතිලාභ ලැබුවේ නෑ. සමස්ත බිංගිරිය ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කළා. පක්ෂය වෙනුවෙන් විශාල සේවාවක් කළා.

     

    බිංගිරිය ජනතාව එතුමට විශාල වශයෙන් ආදරය කළා.අදත් බිංගිරිය ජනතාවගේ හදවතේ සිටින්නේ එතුමායි. එතුමා අධිෂ්ඨානයෙන් කටයුතු කළා. එතුමාගේ දේශපාලන ජීවිතයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණයන් හැටියට අපි එතුමාගෙන් ඉගෙන ගත් කාරණා රැසක් තිබෙනවා.

     

    එතුමා නිහතමානී දේශපාලන චරිතයක්.එතුමා හැමෝටම දොරවල් විවෘත කළා.වෙනත් දේශපාලඥයින් පාර්ලිමේන්තුවට ආවා. එතුමාට මනාප 68යි මදි වුණේ.මේ නිසා නව මැතිවරණ ක්‍රමය යටතේ කොට්ඨාශයට මහජන නියෝජිතයෙක් අවශ්‍යයි කියන කාරණය එදා මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතා තුළින් දැකිය හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya