ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල නිමලසිරි ජයසිංහ මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ දී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
එදා අපිට බෝම්බ ගහද්දි අපේ මැතිවරණ ව්‍යාපාරය පැවැත්වූවා. එතුමා විප්ලවවාදී දේශපාලන චරිතයක්. එක්තරා යුගයක දේශපාලනයේ යුග මෙහෙවරක් කළ සහෝදරයෙකු ලෙස දේශපාලන ඉතිහාසයේ කියවෙනවා.එතුමා ගිය මාවත වෙනස් වුවත් එතුමාගේ ඉලක්කය කිසිදා වෙනස් වුණේ නැතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

ජාතිවාදයට එරෙහිව වාමාංශික දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැප වූ දේශපාලඥයකු ලෙස ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අභවප්‍රාප්ත අතුල නිමලසිරි ජයසිංහ මහතා හැදින්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

















