ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අපි සිටිනවාද නැද්ද යන්න ජනතාව තීරණය කරාවි

    ජූනි 10, 2015
    අපි සුළුතර ආණ්ඩුවක් බව පිළිගන්නවා. ජනතාව එය තීරණය කරාවි. දින 100න් පසු අපි සිටින්නේ සන්ධානය ගත් තීරණය අනුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
     
    අග්‍රාමාත්‍යවරයාට එරෙහි ව විශ්වාසභංගයක් භාරදුන් අතර ඒ ගැන බොරු ප්‍රචාර කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කරන ලද වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
     
    අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍ය වුවත් අසත්‍ය වුවත් එයින් වරප්‍රසාද කඩ වී නැහැ. එය දිනේෂ් ගුණවර්ධන මහතාට අසත්‍යයක් බවට ප්‍රකාශ කළ හැකියි.  විශ්වාසභංග යෝජනාවේ දී විකල්ප දෙකක් තියෙනවා. එකක් මහජන ඡන්දයකට යනවාද? විශ්වාසභංගය ගන්නවාද? යන්නයි. 
     
    පසුගිය ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාට වරමක් දෙන්න කියා ජනතාවගෙන් ඉල්ලුවා. ජනතාව ඒ වරම ලබා දුන්නා. 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉවත් කළා. දැන් පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂට සහය දෙන්නේ කොහොමද? දැන් සන්ධානේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමාට සහය දෙන්න නැත්නම් මට දෙන්න. අපිට මේ බලය ලැබුනේ දින 100 වැඩසටහන ක්‍රියාත්මක කරන්න. 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කළ පසු පාර්ලිමේන්තුව විසුරුවන්න කිව්වා. විපක්ෂය 20 වෙනි සංශෝධනය ඉදිරියට ගෙනාවා. සන්ධානය කියන්න විශ්වාසභංගය ද ඡන්දය ද?  සන්ධානය ඡන්දයකට යන්න බය ඇයි? අපි ඕනෑම වෙලාවක ලෑස්තියි. අපි සුළුතර ආණ්ඩුවක් බව පිළිගන්නවා. අපි දින 100න් පසු සිටින්නෙත් සන්ධානයේ තීරණයක් නිසා යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya