ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විශ්වාසභංගයට මුහුණ දෙන්න අපි සූදානම්

    ජූනි 10, 2015

    විශ්වාසභංගයට මුහුණ දෙන්න අපි සූදානම් බවත් ඊට අපි බය නැති බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    අග්‍රාමාත්‍යවරයාට එරෙහි ව විශ්වාසභංගයක් භාරදුන් අතර ඒ ගැන බොරු ප්‍රචාර කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කරන ලද වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීය.

    විශ්වාසභංගයට අත්සන් කළ අයගෙන් 40%ක් පමණ මේ සම්බන්ධයෙන් කතා කරන්න ආවා. අත්සන් කළ අයගෙන් ඇතැමුන් රාත්‍රී කාලයේ නිවසට පැමිණ මේ ගැන කතා කරනවා. අපිව මේකට අත්සන් කෙරෙව්වේ බලෙන් යැයි ඇතැම් අය කියනවා.

    අස්ගිරි මහා නායක හාමුදුරුවොත් විශ්වාසභංගය ගෙනාවේ ඔලුව අමාරුව හැදුණු අය බව ප්‍රකාශ කළා. ආණ්ඩුවක් පත්වෙලා මාස කිහිපයයි ගියේ. ආණ්ඩුවට වැඩකරන්න දෙන්නේ නැතුව මේවාගේ දෙයක් ගේන්නේ ඇයි? කියා උන් වහන්සේ පැවසූ බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    දින 100 වැඩපිළිවෙළ ගැන කියනකොට අපි කිව්වා රනිල් අගමැති කරනවා කියලා. ජනතාව ඒකටත් එක්ක තමා ඡන්දෙ දුන්නේ. 20 ඕනෑ කියන කොට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කියනවා විසුරුවන්න කියලා. දැන් කියන්න 20 ද ඕනෑ, පාර්ලිමේන්තුව විසුරුවන්න ද ඕනෑ කියලා යැයි අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya