ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රටට වෙනසක් ලබාදීමට ඇරඹූ ගමන ජනතාව සමඟ ඉදිරියටම ගෙන යනවා

    ජූනි 15, 2015
    රටට අවශ්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය ලබාදෙමින් මානවවාදී සමාජයක් ගොඩනැඟීමට ආරම්භ කළ ගමන රටේ ජනතාව සමග නොනවත්වා ම ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය.
     
    කුමන අභියෝග පැමිණිය ද එම ගමන අතරමඟ නතර නොකරන බව පැවසූ ජනාධිපතිතුමා රටට ආදරය කරන සියලු දේශපාලන පක්ෂ තමා සමග අත්වැල් බැඳගනු ඇති බවද ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (14) පස්වරුවේ ඇළහැර ප‍්‍රාදේශීය ලේකම් ශ‍්‍රවණාගාරයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මින්නේරිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.
     
    පක්ෂ පාට භේද තමාට වැදගත් නොවන බවද පැවසූ ජනාධිපතිතුමා තමාට අවශ්‍ය රටේ ජනතාවට සේවය කිරීමට බවද කියා සිටියේ ය.
     
    රටට අවශ්‍ය සමාජ, ආර්ථික හා දේශපාලන පරිවර්තනය ලබාදීමට බණ්ඩාරයක මැතිතුමාගෙන් පසුව බිහි වූ කිසිඳු නායකයෙකු පෙරමුණ නොගත් අතර ජනවාරි 08දා මේ රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත් කර ගත්තේ එම වෙනස රටට ලබාදීමට බවද ප‍්‍රකාශ කළේය.
     
    රටක සංවර්ධනය යනු එම රටේ ජනතාවගේ මූලික ගැටලු විසඳීම බව පැවසූ ජනාධිපතිතුමා ලෝකයට පෙනෙන සංවර්ධනයකින් නොව ජනතාවට දැනෙන සංවර්ධන කි‍්‍රයාදාමයක් තුළින් රටේ සියලු ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් සොයන බවද ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මන්දිරවල සිට සැප විඳින්නට හෝ ජනාධිපති ධුරයේ වැජඹෙන්නට තමාට අවශ්‍ය නොවන බවත් ජනවාරි 08 දා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස තමා පත් කර ගනිමින් ජනතාව අපේක්ෂා කළ පරිවර්තනය ලබා දී තම වසර 05 ක ධුර කාලයෙන් පසු විශ‍්‍රාමගත් ජනාධිපතිවරයෙකු ලෙස නොව පොලොන්නරුව ජනතාවගේ ආදරණීය නායකයා ලෙස නැවත පොලොන්නරුවට පැමිණෙන බවද ප‍්‍රකාශ කළේය.
     
    මින්නේරිය ජනතාවගේ උපහාරය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීය.
     
    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සහ හිඟුරක්ගොඩ සහ ඇළහැර පළාත් සහා සහ ප‍්‍රාදේශීය සභා නියෝජිතයන් මිට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya