ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සාගර විශ්වවිද්‍යාල නව උප කුලපති තිලක් ධර්මරත්න

    ජූනි 15, 2015
    සාගර විශ්වවිද්‍යාලයේ  නව උප කුලපතිවරයා ලෙස තිලක් ධර්මරත්න මහතා පත් කර ඇති අතර ඒ මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. 
     
    2014 අංක 31 දරන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල පනත මගින් පිහිට වූ සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උප කුලපතිවරයා ලෙස මෙලෙස තිලක් ධර්මරත්න මහතා පත් වී තිබේ. 
     
    මාවනැල්ල උඩුවේවල ප්‍රාථමික විද්‍යාලයෙන් හා මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ තිලක් ධර්මරත්න මහතා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. 
     
    එංගලන්තයේ සවුත් ඇම්ටන් විශ්වවිද්‍යාලයෙන් සාගර විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත් ඒ මහතා ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේ ජාතික කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ද හදාරා තිබේ. 
     
    ඔහු ජාතික ජල සම්පත් නියෝජිත ආයතනයේ සාගර විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස වසර 05ක් සේවය කර ඇත. 
     
    ඡායාරූප  -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya