ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දකුණු ආසියාතික ශිෂ්‍ය සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 16, 2015

    "සුවබර දිවියකට - ජලය සනීපාරක්ෂාව සහ ස්වස්ථතාවය" මැයෙන් සංවිධානය කර තිබූ දකුණු ආසියාතික ශිෂ්‍ය සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්විණි.

     

    ජලය, සනීපාරක්ෂාව සහ ස්වස්ථතාවය පිළිබද දැනුම හුවමාරු කරගැනීමේ සහ තීරණ ගැනීමේ ළමා සහ තරුණ සහභාගිත්ව ආකෘතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අද ආරම්භ කෙරුණු සමුළුව හෙටින් (17) අවසන් කෙරේ.

     

    ඉන්දියාව, නේපාලය, භූතානය, පාකිස්තානය, බංගලාදේශය, ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් සිසුන් 600 ක් පමණ මෙයට එක්ව සිටිති.

     

    සමුළුවේ සමාරම්භක අවස්ථාවට අමාත්‍යවරුන් වන රවුෆ් හකිම්, අකිල විරාජ් කාරියවසම්, රෝසි සේනානායක, වී. රාධක්‍රිෂ්ණන්, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    දකුණු ආසියාතික ශිෂ්‍ය සමුළුවට සහභාගී වූ දරුවන් විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වීය.

     

    SDF

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya