ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජල සම්පත් කළමනාකරණයට පියවර ගත යුතුයි

    ජූනි 17, 2015

    රටක ජල සම්පත් කළමනාකරණය සුරක්ෂිත කිරීමට එක් ආයතනයක වගකීම හා යුතුකම ප්‍රධාන අවශ්‍යතාව වන අතර අපේ රටේ ජල සම්පත් පෝෂණය සම්බන්ධයෙන් ඇති ආයතන ගණනාවක ජල කළමනාකරණ දුර්වලතා රජයක් ලෙස සකස් කර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.


    "සුවබර දිවියකට - ජලය සනීපාරක්ෂාව සහ ස්වස්ථතාවය" මැයෙන් සංවිධානය කර තිබූ දකුණු ආසියාතික ශිෂ්‍ය සමුළුවේ සමාරම්භක උත්සවය ඊයේ (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති අතර ඒ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා මෙසේ පැවසීය."මේ සමුළුව සාර්ක් රටවල අපේ දරුවන්ගේ එකතුවක්. එය මේ සමුළුවේ විෂය පථයට මෙන් ම ඉන් බාහිරවත් වැදගත් වෙනවා. අපේ රටේ ඇති සුන්දර පරිසරය ගැන මේ විදෙස් දරුවන් සතුටු වෙනවා ඇති. අපේ උතුම් මාතෘභූමියේ ඇති සුන්දරත්වය, සියලු සමාජයන් හි ප්‍රබුද්ධ බව ගැන මේ දරුවන් සතුටු වෙනවා ඇති. ජලය, සනීපාරක්ෂාව, ස්වස්ථතාව ඒ කියන්නේ සෞඛ්‍ය සිරිත් විරිත් ගැන මේ සමුළුවෙන් දැනුවත් කරනවා. ජලයේ වැදගත්කම ගැන මිනිසා, සතා සිව්පාවා දන්නවා. ජලය මිනිසාගේ පැවැත්මට වැදගත් වෙනවා. මහා භාරතයේ ජලය මුල් කරගෙන ඇති වුණු සටන් ගැන ඉතිහාසය අධ්‍යයනය කිරීම නිසා අප දන්නවා. ජලය මිනිසාගේ සතා සිව්පාවාගේ ස්වභාවධර්මයේ පැවැත්මට ප්‍රබුද්ධ පදනමක් සපයන බව දන්නවා. පානීය ජලය, කෘෂිකර්මාන්තය, වාණිජ සමාජයේ පැවතුම් ආදිය ගත්විට ජලයේ ඇති අභියෝගයන් ගැන අප දන්නවා. ජලයේ ඇති වැදගත්කම මිනිස් රුධිරයට වඩා වැඩි වටිනාකමක් අනාගතයේදී ඇති කරනවා. මුළුමහත් මානව සමාජයේ ම පැවැත්ම දෙස බලන විට ජලය සම්බන්ධයෙන් සියලු දෙනා සැලකිලිමත් විය යුතුයි. ඒ ගැන පුළුල් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. තාක්ෂණික, සමාජ, දේශපාලනික බලපෑම් දක්වා ජලය මිනිසාගේ පැවැත්ම කෙරෙහි ඇති කරන බලපෑම කෙතරම් ද යන්න අප දන්නවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය, විවිධ අන්තර්ජාතික සංවිධාන, ලෝකයේ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල්, මූල්‍ය ආයතන සනීපාරක්ෂක කටයුතුවලදී දෙන උපදෙස් ඉතා වැදගත්. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා විෂය පථයට අදාළ ව කරන තාක්ෂණික හා බාහිර ඇගයීම්, උපදේශයන් ගැන අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. අපේ භූමියේ සිට මහ මුහුදට ගලායන ගංඟා, ඇළදොළ 103ක් පමණ තියෙනවා. ඉන් භූමියට ඇති වන බලපෑම අපි දන්නවා. අපේ රටේ මහ පොළොව, කඳුකරය සේදී ගොස් මහ මුහුදට යන විට අපේ හදවත් ගැලවෙනවා සේ දැනෙනවා. ජලය නැතුව වියළි කලාපයේ ජනතාව පීඩාවට පත්වෙනවා. ජල කළමනාකරණයේදී අප තුළ ඇති යම් යම් දුර්වලතාත් ඊට හේතුවක්. වර්ෂාව නිසි කළමනාකරණය කිරීම පිළිබඳ නව තාක්ෂණය අනුව පර්යේෂණ කරනවා. ඒ මඟින් දැනට ජල කළමනාකරණයේ ඇති දුර්වලතා මගහරවා ගත යුතුයි. ජල කළමනාකරණය පිළිබඳ සමාජය, ජනතාව දැනුවත් කළ යුතුයි. ඒ සඳහා පාසල් දරුවන් වැදගත් වෙනවා. නිරෝගී සමාජයක්, ජනතාවක් බිහිකිරීමේදී දරුවන්ට දෙන දැනුම මඟින් ඉතා වැදගත් කාර්යභාරයක් සිදු වන බව" ජනාධිපති වැඩිදුරටත් පැවසීය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya