ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහ මැතිවරණයේදි ජනතාව සිය ඡන්දය ලබා දිය යුත්තේ තරුණ තරුණියන්ගේ අනාගතය තහවුරු කිරිම සඳහායි

    ජූනි 23, 2015

    ජනාධිපතිවරණයේදි ඒකාධිපති මහින්ද රාජපක්‍ෂ පාලනය නැති කිරිමට ඡන්දය දුන්නා වගේම මහ මැතිවරණයේදි ජනතාව සිය ඡන්දය ලබා දිය යුත්තේ තරුණ තරුණියන්ගේ අනාගතය තහවුරු කිරිම සඳහා බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

     

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය සෙනසුරාදා (21) අරලියගහ මන්දිරයේදි පැවති යොවුන් ක්‍රියාකාරි හමුවේ දී අදහස් දක්වමිනි.

     

    අප මහ මැතිවරණයට යා යුත්තේ අපේ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරිම සඳහා අලුත් පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීමට සහ ඒ මහ මැතිවරණයට අප යන්නේ ජනාධිපතිවරණයේ දී සහතික වූ ආකාරයටම ජයග්‍රහණයෙන් පසුව නව රැකියා දස ලක්‍ෂයක් තරුණ තරුණියන් වෙනුවෙන් ඇති කිරිම සඳහා බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
     


    මේ නව රැකියා දස ලක්‍ෂයේ වැඩසටහන යටතේ තොරතුරු තාක්‍ෂණය, කාර්මික නිෂ්පාදන ඇඟළුම් ක්ෂේත්‍රය, සේවා අංශ සංචාරක හෝටල් සහ ස්වයං රැකියා ඇතුළු සියලුම අංශවලට අදාළව මසකට රුපියල් 30,000ත් 50,000ත් අතර වැටුපක් ලබාගත හැකි රැකියා ඇති කිරීමට අප සියලු කටයුතු යොදා තිබෙනවා යැයි වික්‍රමසිංහ මහතා පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya