හමුදා කඳවුරු ඉවත් කරනවා ද යන්න තීරණය කරන්නේ හමුදාවෙන් බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය. පසුගිය ආණ්ඩුවෙන් උතුරේ හමුදා කඳවුරු 59ක් ඉවත් කර තියෙනවා. එම කඳවුර තිබුණු ඉඩම ජනතාවට බෙදා දෙන නිසා ඊට අල්ලපු ඉඩම නාවික හමුදාවට දුන්නා. ඒ වගේම රුපියල් මිලියන 200කුත් සංවර්ධන කටයුතු සඳහා නාවික හමුදාවට ලබා දුන් බව ද අග්රාමාත්යවරයා පැවසීය.