ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රටේ ආර්ථිකය ගැන ‍බොරු ප්‍රකාශ කරන්න එපා

    ජූනි 23, 2015
    දැන් තියෙන ආණ්ඩුව, මීට පෙර පැවති ආණ්ඩුව ලබා ගත් ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවට කරන ප්‍රකාශය සම්පූර්ණ බොරුවක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
     
    2014/ 2015 වසරවල් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන දැන් සිටින විපක්ෂය රුපියල් බිලියන 882ක් ණය අරන් තියෙනවා. ඒ කාල සීමාවට අනුව මේ රජයේ ණයබරතාව වන්නේ රුපියල් බිලියන 576යි. ගිය ආණ්ඩුවට වඩා රුපියල් බිලයන 300ක් අඩුවෙන් මේ ආණ්ඩුව ණය අරන් තියෙන්නේ. එවැනි තත්ත්වයක් තුළ මාධ්‍ය මඟින් වැරදි ප්‍රකාශ කරන්න හොඳ නැහැ. මාධ්‍ය රටේ 
     
    ආර්ථිකය එක්ක ‍සෙල්ලම් කරන්න එපා. මහින්ද, අජිත් නිවාඩ් කබ්රාල් රටේ ආර්ථිකය විනාශ කර ඇති අවස්ථාවක මෛත්‍රී, රනිල් රටේ ආර්ථිකය හදන්න සූදානම් වන අවස්ථාවේ ඒ සමඟ සෙල්ලම් කරන්න එපා. එදා 2014 අප්‍රේල් වන විට ඩොලරයේ අගය රුපියල් 133.20යි. අද එම කාලය ඇතුළත ම ඩොලරයේ අගය රුපියල් 133.90යි. ඕන තරම් ඩොලර් රටට එනවා. ඉදිරියේ එන්න තියෙනවා. අපේ අරමුණ ඩොලරයේ අගය රුපියල් 130.00 දක්වා අඩු කිරීම බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya