ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ ක්‍රමය ගැන විවෘතව අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව

    ජූනි 23, 2015

    මැතිවරණ ක්‍රමය ගැන විවෘතව අදහස් ප්‍රකාශ කරන්න හැමෝට ම අවස්ථාව තියෙන අතර ඒ ගැන සියලුදෙනාගේ ම අදහස් ලබා ගැනීම අවශ්‍ය බවත් ඒ සඳහා උපරිම ප්‍රයෝජන ලබා ගන්න කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (23) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    මැතිවරණ ක්‍රමය ගැන සංශෝධනය කරනවාද යන්න අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කිරීම අරමුණයි. ගිය මැතිවරණයේදී යෝජනා කිහිපයක් අප ඉදිරිපත් කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හා 17 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න ඒවායි.
    අපි එන විට තවත් ප්‍රශ්නයක් රටේ තිබුණා මනාප ක්‍රමය ගැන. මා 2003දී අගමැති වුණ අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන කමිටුව පත් කළා. එහි වාර්තාව ලැබුණත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒ ගැන කටයුතු කළේ නැහැ.

    අපි මුලින් ම 19 සශෝධනය කළා. ඊට පසු කැබිනට් මණ්ඩලය මැතිවරණ ක්‍රමය ගැන සාකච්ඡා කළා. සන්ධානට ජනාධිපතිතුමාට එක්ක වෙනම කතා කරන්න කැමැත්තක් තිබුණා. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සන්ධානය එක්ක සාකච්ඡා කර කෙටුම්පතක් ඉදිරිපත් කළා. කුඩා පක්ෂත් යෝජනා ඉදිරිපත් කර තිබුණා. මේකට හැමදෙනාම එකඟකර ගැනීම අපේ අරමුණයි. දැන් අපට සාකච්ඡා කරන්න යම් ලියැවිල්ලක් තියෙනවා. ඒක ගැන තව තවත් සාකච්ඡා කළාට ප්‍රශ්නයක් නැහැ. මෙතැනින් එකඟත්වයක් ඇති කර ගෙන රටේ අදහස් ගැනීමත් අවශ්‍යයි. එයයි අද කළ යුත්තේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරත් විවධ අදහස් තියෙනවා. එයයි යහ පාලනය කියන්නේ. අපි මේ සාකච්ඡා කරන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය ගැනයි.

    අවශ්‍යෙ වන්නේ ජනතා අදහස් ගැනීමයි. මට මේක ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමාගේ නියෝගවලට සහය දීම, විපක්ෂ නායකතුමාගේ කාර්යය විය යුත්තේ. 2014දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේකට පියවරක් ගත්තේ නැහැ. 2005දී ප්‍රභාකරන් ද්‍රවිඩ ජනතාවට ඡන්ද දෙන්න අවස්ථාව දුන්නා නම් එදා මහින්ද ජනාධිපති වෙන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නායකයා කරලා යටින් එයා අයින් කරන්න උත්සාහ කරනවා. ඇයි එදා ඡන්ද ක්‍රමය වෙනස් කළේ නැත්තේ. එදා 2/3 තිබුණනේ. එදා එය අහෝසි කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. 2015දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට තිබුණා මහ මැතිවරණයකට යන්න. එතුමා එසේ කළේ නැහැ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළා. අපිට තියෙනවා සාමූහික වගකීමක් යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya