ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නෙදර්ලන්තයේ ආධාර ගැන ජනාධිපතිතුමා ප‍්‍රසාදය පළ කරයි

    ජූනි 24, 2015

    නෙදර්ලන්තය ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට දුන් ආධාර ගැන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එරටේ තනාපතිවරයාට සිය ස්තුතිය පළ කළේය. නෙදර්ලන්තයේ ආධාරයෙන් හම්බන්තොට හා නුවරඑළියේ ඉදිකෙරෙන නවීන රෝහල් දෙක වෙනුවෙන් ස්තුතිය පළ කළ ජනාධිපතිතුමා එම රෝහල් ලබන මස මුල දී විවෘත කෙරෙන බව සඳහන් කළේය.

     

    සිය සේවා කාලය අවසන් කර ආපසු යාමට නියමිත තානාපති එල්.ඩබ්ලිව්.එම්. පියට් මහතා ශී‍්‍ර ලංකාවේ ශීඝ‍්‍ර සංවර්ධනයක් තමා දුටු බවත් විශේෂයෙන් මෙම වසරේ ජනවාරි මස පැවැති ජනාධිපතිවරණයට පසු මෙරටට ලැබී තිබෙන නිදහසේ නව වතාවරණයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයට මහඟු ආදර්ශයක් බවත් ඒ පිළිබඳ සියලූ ප‍්‍රසංශාව ජනාධිපති සිරිසේන මහතාට හිමිවිය යුතු බවත් සඳහන් කළේය.

     

    සිය සේවා කාලය ජූලි මස අවසන් කරන නොර්වේ තානාපතිනි ගේ‍්‍රටා ලෝචන් මහත්මිය ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවිය. නොර්වේ තානාපතිවරිය ද උතුරේ සහ දකුණේ සිය චාරිකාවලදී ජනතාව තුළ දක්නට ලැබුණේ නව ප‍්‍රබෝධයක් සහ නිදහසක් යැයි ද, ජනාධිපතිතුමා කෙරෙහි සියලූ ජනකොටස්වල විශ්වාසය තහවුරු වී ඇතැයි ද සඳහන් කළාය.

     

    ජනාධිපතිතුමා සිය සේවා කාලය අවසන් කළ තානාපති දෙපළට එම රටවල් හා ශී‍්‍ර ලංකාව සමග සබඳතා තර කරගැනීමට කළ සේවාව ගැන ස්තුතිය පළ කරමින් ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතීය.

     

    PRIU/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya