ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පරිසර සංරක්ෂණය පිළිබඳ ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

    ජූනි 24, 2015

    ජනාධිපතිතුමා විසින් ඊයේ (23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදි පරිසර සංරක්ෂණය පිළිබඳ ජාතික වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කරන ලදී.

     

    මෙහිදී ජාතික ආර්ථීකය ශක්තිමත් කිරිම උදෙසා දේශිය ආහාර නිෂ්පාදනයට වඩාත් ප්‍රමුඛතාවය ලබාදීම සඳහා වන නව වැඩසටහනක් හඳුන්වාදීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

     

    ඒ අනුව එළැඹි තීරණය අනුව ඉදිරි සතිය තුළ දී දැනට පිටරටින් ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍යයන් ප්‍රමාණයන් සහ ඒ සඳහා දැනට වැය කෙරෙන මුදල් ප්‍රමාණයන් ඉදිරිපත් කිරීමට එම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනාධිපතිතුමන් විසින්  උපදෙස් දෙන ලදී.

     

    ඉදිරි මාස් කන්නයේදි ආහාර වැඩසටහන් ආරම්භ කෙරෙන අතර බීජ පැළ වර්ග සහ අදාළ කරුණු පිළිබදව ප්‍රචාරාත්මක වැඩසටහන් මගින් ගොවිජනතාව දැනුවත් කිරිම ආදී කටයුතු විධිමත්ව සිදුකළ යුතු ආකාරයද සාකච්ඡා කරන ලදී.

     

    එමෙන්ම මත් ද්‍රව්‍ය මර්දනය සදහා වන ඒකාබද්ධ ජාතික වැඩසටහන පිළිබඳව ද සාකච්ඡාවට බදුන් විය.

     

    ජාතික ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සදහා සියලු අංශ ඒකාබද්ධව පුලූල් ජාතික වැඩසටහනක්  ක්‍රියාත්මක කිරිමද මත්ද්‍රව්‍ය පාලනය වැළැක්වීම සහ මර්දනය සම්බන්ධයෙන් දැඩි නීති රීති ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ද සාකච්ඡා කරනු ලැබීය.

     

    ජනාධිපතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර පැවති මෙම හමුවේ දී ස්වාභාවික සම්පත් රැකගැනීම සඳහා වූ පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන පිළිබදවද අවධානය යොමු කෙරුණු අතර සියලු අංශ සම්බන්ධිකරණය කර ජනාධිපති ලේකම් කාර්යාලය හරහා පරිසර සංරක්ෂණය සදහා පුළුල් ජාතික වැඩසටහනක් ඇරඹීමට කටයුතු යොදන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේය.

     

    මේ වනවිට කැළිකසල සංරක්ෂණ වැඩසටහන් ආරම්භ කර ඇතත් ඒවා ක්‍රියාත්මක නොවන අවස්ථා ඇති බැවින් ස්චාභාවික සම්පත් ආරක්ෂා කරගැනීමේ වගකීම් ජනතාවට අවධාරණය වනසේ ජාතික වැඩසටහන සකස් කිරීමට අවශ්‍ය කරුණු පිළිබදව සාකච්ඡා කළේය.

     

    ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු මැදිහත්වීම හා උපදෙස් මත ජාතික ආහාර නිෂ්පාදනය,මත්ද්‍රව්‍ය  මර්ධනය,ස්වභාවික සම්පත් රැකීම සහ පරිසර සංරක්ෂණය පිළිබද ජාතික වැඩ පිළිවෙලක් සකස් කිරීමට සියලු අමාත්‍යාංශවල සහයෝගය හා සම්බන්ධීකරණය මත එකගතාවයකට පත්විය.

     

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක යන මහත්වරුන් ඇතුළු සියලු අමාත්‍යාංශ ලේකම්වරු සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya