ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ධර්මපාල දැක්ම සමරන ජාතික ව්‍යාපාරය නගරයෙන් ගමට රැගෙන යා යුතුයි – ජනපති

    සැප්තැම්බර් 22, 2015
    ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ චරිතය අධ්‍යයනය කිරීමේදී ඒ යුගය තුළ මුහුණ දුන් අභියෝග හමුවේ එතුමන් ද ඇතැම් අවස්ථාවලදි විවේචනයට ලක් වූ නමුත් වර්තමාන සමාජයේ වේගයෙන් පිරිහෙන මිනිසුන්ගේ ගති ලක්ෂණ සමග ගත්විට ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ දර්ශනයේ වැදගත්කම තවතවත් වැඩිවෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී  ඊයේ (21) පැවති බුද්ධ ශාසන අමාත්‍යංශය හා කැලණි විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කළ “අනාගතය සඳහා අනගාරික ධර්මපාල දැක්ම” නම් වූ සාංවත්සරික ජාත්‍යන්තර පරිසංවාද උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමන් මෙම අදහස් පළ කළේය.
     
    අනගාරික ධර්මපාලතුමන්ගේ යුගයේ තිබු ගැටලු සහ වර්තමාන සමාජයේ පවත්නා වූ ගැටලු එක හා සමාන බවත් ජාතියක් ලෙස ගොඩනැගීමත්, බෞද්ධාගමික ප‍්‍රබෝධයත්, අමද්‍යප ව්‍යාපාරයත් එතුමන්ගේ ජාතික ව්‍යාපාරය තුළ ගැබ් වූ අන්තර්ජාතික මෙහෙවෙරත් ඉතාම අගය කළ යුතු වන බවද ජනාධිපතිතුමන් මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.
     
    එමෙන්ම ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල සතිය අදින් අවසන් වුවත් ලබන වසරේ මෙම සතිය සමරන තෙක් මෙම ජාතික ව්‍යාපාරය නගරයෙන් ගම් දක්වා ගෙන ගොස් පාසල් දරුවන්, තරුණ තරුණියන් ඇතුළු ප‍්‍රජාව දැනුවත් කරන ලෙසද මෙම අවස්ථාවේදී ජනාධිපතිතුමන් සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ අවශ්‍ය සම්පත් තමන් ලබා දෙන බවද ජනාධිපතිතුමන් මෙහිදි සඳහන් කළේය.
     
    අනගාරික ධර්මපාලතුමන්ට කරන්නා වූ ඉහළ ම ගෞරවය වන්නේ වර්තමාන පිරිහුණු සමාජය ප‍්‍රජාව එතුමන්ගේ දර්ශනය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම බවද ජනාධිපතිතුමන් මෙහිදී පෙන්වා දුන්නේය.
     
    උත්සවය සමාරම්භක අවස්ථාවේ ජනාධිපතිතුමා අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක් වූ අතර මෙම අවස්ථාවට අමාත්‍ය විජයදාස රාජපක්ෂ, දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර ඇතුළු විද්වතහු පිරිසක් සහභාගි වී සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya