ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය හා කැපවීම ජනපතිගේ ඇගයීමට

    ඔක්තෝබර් 25, 2015
    ලෝක සාමය, ආරක්ෂාව සහ සහයෝගිතාවය වෙනුවෙන් කි‍්‍රයා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වන සංවත්සරය සැමරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (24) පෙරවරුවේ කොළඹ පිහිටි මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවති උත්සවයට සහභාගි විය.
     
    උත්සව අවස්ථාවට සහභාගි වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ශී‍්‍ර ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සම්බන්ධීකාරක සහ මෙරට නියෝජිත සුබිනෙයි නන්දෙයි මහතා (Mr. Subinay Nandy) විසින් උණුසුම් ලෙස පිළිගත් අතර ගත වූ මාස කිහිපය තුළ යහපාලනය, සංහිඳියාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ මැදිහත් වීම හා අධීක්ෂණය යටතේ සිදුවූ සිදු කළ වෙනස්කම් ඇගයීමට ලක් කළේය.
     
    එසේම ශී‍්‍ර ලංකා නව රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග වඩා මිත‍්‍රශීලි ලෙස කටයුතු කිරීම පිළිබඳ ව ඔහුගේ පැසසුමට ලක්වූ අතර පොදුවේ පවතින දරිද්‍රතාවය, සංවර්ධනය, සාමය සහ සංහිදියාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහයෝගය තවදුරටත් ශී‍්‍ර ලංකාවට ලබාදෙන බව තහවුරු කළේය.
     
    එම උත්සවයට සහභාගිවෙමින් ලෝක සාමය, ආරක්ෂාව සහ රාජ්‍යන් අතර සහයෝගීතාවය ගොඩනැගීම වස් හැත්තෑ වසරක් පුරා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකරන ලද කාර්යභාරය ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.
     
    ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා ලෙස මෙම සංවත්සරයට සහභාගිවීම තමන් ලැබූ භාග්‍යයක් මෙන්ම ගෞරවයක් ලෙස සඳහන් කළ ජනාධිපතිතුමා නිදහස, මානව අයිතිවාසිකම්, යහපාලන මූලධර්ම වෙනුවෙන් තම රජයේ කැපවීම සිහිපත් කළේය. එසේම දුෂණය, දරිද්‍රතාවයට වැනි ගැටලුවලට එරෙහිව ගතහැකි සියලු කි‍්‍රයාමාර්ග අන්තර්ජාතික ප‍්‍රජාව සමඟ ද එකතුවෙමින් ගන්නා බව පැවසීය.
     
    ගත වූ වසර කිහිපය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග පැවති දුරස්ථභාවය තම රජයේ පත්වීමත් සමග වෙනස් වූ ආකාරයත්, අන්තර් ජාතික ප‍්‍රජාව සමග මිත‍්‍රශීලිව කටයුතු කිරීමෙන් මෙම කාලය තුළ ලැබූ පන්නරය සිහිපත් කළ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය තම උප-සංවිධාන යටතේ ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය උදෙසා දක්වන අඛණ්ඩ දායකත්වය පිළිබඳව ද සිහිපත් කිරීමට අමතක නොකළේය.
     
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරී හා වගකීම් සහගත සාමාජික රාජ්‍යක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් සඳහා ශී‍්‍ර ලංකාව දක්වන දායකත්වයත්, අන්තර්ජාතික වශයෙන් විවිධ විෂය ක්ෂේත‍්‍රවලට අදාළව වැදගත් හා ගෞරවත්වයෙන් සිහිපත් කරන රාජ්‍ය තාන්ති‍්‍රකයන් බිහි කිරීමට හැකිවූ ආකාරය සිහිපත් කළ අතර එහිදී අන්තර්ජාතික නිතී ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙකු වූ විනිසුරු සී.ජේ. වීරමන්තී‍්‍ර, ජයන්තා ධනපාල, රාධිකා කුමාරස්වාමි වැන්නවුන් පිළිබඳව ද සඳහන් කළේය.
     
    එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධව මෙරට පවතින උප සංවිධාන 26 දායකත්වය පිළිබඳ ව සඳහන් කළ ජනාධිපතිතුමා මානව සංවර්ධනය, සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීම, පශ්චාත් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, ආර්ථික සංවර්ධනය වැනි කරුණුවලට අදාළ ව ඔවුන් විසින් සිදුකරන ලද භූමිකාව පැසසුමට ලක් කළේය.
     
    යහපත් ජීවන තත්ත්වයක් ඇති කිරීමට සමාජ, ආර්ථික, සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මානුෂවාදී ආයතනයක් ලෙස සිදුකරන කාර්යභාරය පිළිබඳ ව ශී‍්‍ර ලංකාව අතිශය තෘප්තිමත් බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ආර්ථික සහ සමාජ සංවර්ධනය උදෙසා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයේ අඛණ්ඩ සහ කි‍්‍රයාකාරි සහාය තවදුරටත් අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අප රටට සිදු කරන ලද මෙහෙය වෙනුවෙන් තම සුභාශිංසන ද පිරිනැමීය.
     
    එහිදී මේ දිනවල ශී‍්‍ර ලංකාවේ සංචාරයක නියුතු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් මිරොස්ලෙව් ජෙන්කා (Miroslav Jenca)  මහතා ඇතුළු සම්භාවනීය රාජ්‍ය තාන්ති‍්‍රකයන් කිහිප පළක් සමඟ ම සුහද කථා බහ නිරත විය.
     
    මෙම උත්සව අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ද, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, රාජ්‍ය තාන්ති‍්‍රකයන් හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරින් රැසක් ද සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya