ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    තාක්ෂණය ඵලදායී අයුරින් යොදවමින් ලෝකයට ආදර්ශයක් සැපයීමට අපේ දරුවන් කැප විය යුතුයි -ජනපති

    දෙසැම්බර් 05, 2015

    ජංගම දුරකථනය, පරිගණකය ඵලදායී ආකාරයට යොදවමින් ලෝකයට ආදර්ශයක් සැපයීමට අපේ දරුවන් කැපවිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

     

    නව තාක්ෂණය සමග කටයුතු කිරීමේදී අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය දේ පිළිබදව අවබෝධයකින් කටයුතු කිරීම ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ඊයේ (04) පස්වරුවේ පැවති කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට එක් වෙමිනි.

    පරිගණක නිෂ්පාදනය නිසා ලෝකයේ ලොකුම ධනවතා බවට පත් වූ බිල් ගේට්ස් පවා සිය දරුවන්ට වයස 16 ඉක්මවනතුරු ජංගම දුරකථනය භාවිත කිරීමට අවසර ලබා නොදුන් අතර නවීන තාක්ෂණය භාවිතයේදී දරුවන් පිළිබද සුපරික්ෂාකාරිව සිටීම දෙමාපියන්ගේ වගකීමක් බවද කියා සිටියේය.

     

    නීතිය පිළිබද තිබෙන දැනුම අල්පවීම අද අපරාධ ඉහළයාමට හේතුවක් වී ඇති බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා නීති විද්‍යාලයට ගොස් නීතිය හැදෑරිම නොව සමාජයේ සහ ජනතාවගේ ජීවිතවල ආරක්ෂාව කෙරෙහි නීතියේ ආධිපත්‍ය දක්වන වැදගත්කම පිළිබදව සියලූදෙනා අවබෝධයෙන් සිටීම වැදගත් බවද කියා සිටියේය.

     

    කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ 2014 වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවය මෙලෙස ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයේ පැවැත්වුණු අතර විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමාව සිසු දැරියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්හ.

     

    විශිෂ්ටතා දැක්වූ සිසුවියන්ට සහතිකපත් ප‍්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    අනුරාධා සදමාලි දැරිය විසින් චිත‍්‍රයට නගන ලද ජනාධිපතිතුමාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, අනුර පි‍්‍රයදර්ශන යාපා, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද විදුහල්පතිනි සෝමා රත්නායක මහත්මිය, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් ත්‍යාග ප‍්‍රදානෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya