ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා තිබෙනවා- අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    දෙසැම්බර් 05, 2015

    අපේ රටට අවශ්‍ය උපධීධාරීන් නිර්මාණය කරන්න විශ්වවිද්‍යාල දියුණු කිරීමට අවශ්‍ය බවත් විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී තිබෙන බවත් ඔවුන් ගන්නා ප්‍රශ්න ඔවුන්ගේ ප්‍රශ්න නොවන බවත් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ අද (05) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරක සභා අවස්ථවේ විවාදයේ අඳහස් පළ කරමිනි.

    ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමත්‍යාංශය, යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද විවාදය ට
    ගැණිනි.

     

    විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි.විශ්වවිද්‍යාල පාලනයකිරීම උපකුලපතිවරු සහ කවුසිලය බාරගත යුතුයි.ස්වාධීන ,අදහස්
    නිර්මාණය වන නිදහස් සිතුම් පැතුම් නිර්මාණය වන විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මණය කරන්න අවශ්‍යයයි.

    අග්නිදිග විශ්වවිද්‍යාලය වසාදැමීමට කටයුතු කර නෑ.එහි ඉන්ංජිනේරු පීඨය ඉදිරියට ගෙනයන්නට කටයුතු කරනවා.විශ්වවිද්‍යාල සිසුන්ගේ ශිෂ්‍ය දීමනව 4000ක් කළා, මහලොඵ ආධරය 5000 දක්වා වැඩි කළා.

    තාක්ෂණික පීඨයක් අලුතින් ජයවර්ධනපුර, යාපනය, රුහුණ සහ කැලණිය යන විශ්වවිද්‍යාලවල ආරම්භ කරනව වයඹට වෛද්‍ය
    පීඨයක් ආරම්භ කරනවා ජයවර්ධන විශ්වවිද්‍යාලයට ඉංජිනේරූ පීඨයක් ආරම්භ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya