ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දුම්රිය ස්ථානාධිපතිවරු 300ක් බඳවා ගැනේ

    දෙසැම්බර් 09, 2015

    දුම්රිය ස්ථානාධිපතිවරු 300ක් සඳහා ලබන 15 වැනි දින පත්වීම් ලබා දෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යා නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.


    දුම්රිය ස්ථානාධිපතිවරු 300ක පුරප්පාසු පැවැති බවත් වසර ගණනාවක් එම තනතුරු සඳහා බඳවා ගැනීමට විභාගය පවත්වා නොමැති බවත් අමාත්‍යවරයා පවසයි.

    අපි විභාගය පවත්වලා, මේ මාසයේ 15 වෙනිදා මේ 300ටම පත්වීම් දෙනවා.දුම්රිය දෙපාර්තමේන්තුවේ අඩු පඩු විසදීමට සඳහා විශාල වැඩකටයුතු ප්‍රමාණයක් මේ කාලයේ ඉටු කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    අමාත්‍යවරය අද (09) පාර්ලිමේන්තුවේ දී අයවැය කරකසභා අවස්ථවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya