ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ධීවර කර්මාන්තය ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යෑමට හොඳ අඬිතාලමක් දමා තිබෙනවා

    දෙසැම්බර් 09, 2015

    නැවතත් ධීවර කර්මාන්තය ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යෑමට අයවැය තුළින් හොඳ අඬිතාලමක් දමා තිබෙන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.


    ධීවර කර්මානතය ශ්‍රී ලංකාවේ දීර්ග ඉතිහාසයක් තිබෙන කර්මාන්තයක්.ලංකාව වට මුහුද තිබුණත් ඉන් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නෑංවීමට තරම් ආදයමක් ලබාගන්නට නොහැකි වී තිබෙන බවයි මතය වී තිබෙන්නේ.

     

    අපිට යුරෝපා සංගමයේ වෙළඳපොළ නැතිවීමත් සමඟ සහ පසුගිය රජය තෙල් මිල අඩු නොකිරීමෙන් ධීවර ජනතාවට වූ බලපෑම තුළින්,ධීවර ජනතාවට විශාල පීඩනයක් එල්ල වුණා. යුරෝපා සංගමයේ වෙළඳපොළ අහිමි වීම පිළිබඳව කොතරම් අනතුරු ඇඟෙව්වත් එදා රජය කළමනාකරණය කරන්නේ නැතිව අවිධිමත් ධීවර කර්මාන්තය මේ රටේ කරන්නට ගොස් යුරෝපා මත්ස්‍ය වෙළඳපොළ අහිමි වුණා.

     

    ජනවාරි අටවැනිදා මේ රටේ සිදු වූ වෙනස වගේ ම ධීවර ජනතාව ඇතුළු සමස්ත ජනතාවට දැනෙන ලෙස අපි තෙල් මිල අඩු කළා.ධීවර ජනතාවට තිබූ විශාල පීඩවක් ඒ තුළින් නැති වෙලා,දුගී දුප්පත් වූ ජනතාවට තමන්ගේම ශක්තියෙන් නැඟී සිටීමට අවස්ථාවක් උද කළා.

     

    සමබර විදේශ ප්‍රතිපත්තියක් තුළින් යුරෝපා මත්ස්‍ය වෙළඳපොළ නැවතත් අපට විවෘත වන දිනය අත ළඟයි.අයවැය තුළින් හොඳ අඬිතාලමක් දමා තිබෙනවා,නැවතත් ධීවර කර්මාන්තය ශක්තිමත් ලෙස මේ රටේ ඉදිරියට ගෙන යෑමට.

     

    අපි විශාල විදේශ විනිමයක් කරලා මත්ස්‍ය ආනයනයක් කරනවා.අපි යටිතල පහසුකම් නිර්මාණය කර ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය කරන්නට,අවශ්‍ය පහසුකම් අවශ්‍ය පරිවර්තනයට අඬිතාලමක් ධීවර කර්මන්තයට දමා තිබෙන බවද රාජ්‍ය අමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya