ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප වැඩි කිරීම ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා

    දෙසැම්බර් 10, 2015

    පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට මේ වන විට අවශ්‍ය කැබිනට් අනුමැතිය අරගෙන තිබෙනවා.ලබන වසරේ ජනවාරි සිට එය ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරනවා යැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ,අද (10) පාර්ලිමේන්තුවේ දී කරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.


    කාරක සභා අවස්ථාවේ විවාදයේ හත්වැනි දිනය වන අද දින කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය,සෞඛ්‍ය,පෝෂණ
    හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනේ.


    අපේ රටේ අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිය මිලියන අටක් පමණ වෙනවා.ඔවුන්ගේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් කටයුතු සක්‍රීය මැදිහත්වීම කරන්නේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයයි.


    රටේ විශාලතම සහ ප්‍රධානතව ශ්‍රමබලකාය පෞද්ගලික අංශයේ සේවකයන් බව සිහිතබා ගත යුතුයි.නිසි කළමනාකරණයක් තුළින්
    ඔවුන්ගේ ඵලදායි දායකත්වය ලබගැනීම රටක තිරසාර සංවර්ධනයට වඩා පිටුවහලක් වන බවත් කිව යුතුයි.

     

    සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රධාන අරමුන වන්නේ සමාජ සංරක්ෂණයක් ලබා දී හෝ වියපත් සේවකයන්ට හෝ ඔවුන් මිය ගිය
    පසු ඔවුන්ගේ යැපෙන්නන්ට රැකවරනයක් සැළසීමයි.සේවක අර්ථ සාධක අරමුදලේ වත්මන් සමජිකත්වය ලක්ෂ 24කට ආසන්න
    වෙනවා.මෙම අරමුදලේ වටිනාකම රුපියල් බිලියන 1,300ක්.මෙය දකුණු ආසියාවේ පවතින විශාලතම අරමුදලක්.

     

    සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව සේවකයන්ගේ නොදැනුවත්භාවය, හාම්පුතුන් සේවකයන් නොමඟ යවමින් අර්ථසාධක අරමුදල නොගෙවමින් හිතාමතා පැහැර හැරීම වැනි කරුණු එයට හෙතු වී තිබෙනවා.ඒ නිසා සේවක අර්ථසාධක අරමුදල ගැන රටේ සමස්ත ජනතාව මාධ්‍ය මඟින් දැනුවත් කිරීමට කටයුතු කරනවා.දිස්ත්‍රික් මට්ටමින් කම්කරු කාර්යාල අධීක්ෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. සේවක අර්ථසාධක අරමුදල් නොගෙවන ආයතන හා හාම්පුතුන් ගැන විශේෂ සොයාබැලීමක් කරනවා.

     

    රටේ සංවර්ධනය ප්‍රශස්ත මට්ටමකකට පවත්වාගෙන යාමට නම් වැඩ වර්ජන හා ආරවුල් වලින් තොර සාමකමී වැඩ බිමක් රට තුළ
    පවත්වාගෙන යාම අවශ්‍යයි.

    මෙවර අයවැයෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මාසික වැටුප රුපියල් 2500කින් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස
    පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියා.ඒ අනුව පාර්ලිමේන්තු පනතක් මඟින් පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500කින් වැටුප වැඩි කිරීමට අනිවාර්ය කරනවා.පනත මේ වනවිට සකස් කර අවසන්. එය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. එහි අනුමතිය ලබුණු වහා පර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

     

    වසර 2015 දී රුපියල් 1500ක් සහ 2016 ජනවාරි සිට තවත් 1000ක් වශයෙන් අදියර දෙකකින් සේවක වැටුප් වැඩි වෙනවා.සාමූහික
    ගිවිසුම් මඟින් පඬි වැඩි කරනු ලබන ආයතනවලට මෙම නීතිය බලපන්නේ නෑ.පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රුපියල්
    10,000 දක්වා වැඩි කිරීමට මේ වන විට අවශ්‍ය කැබිනට් අනුමැතිය අරගෙන තිබෙනවා.ලබන වසරේ ජනවාරි සිට එය ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරනවා.

     

    පෞද්ගලික අංශයේ සේවකයන්ටත් විශ්‍රාම වැටුපක් ලබාදීමට අපේක්ෂා කරනවා.වර්තමානයේ සේව්‍ය පක්ෂයත් වෘත්තීය සමිති
    සහ රජය මේ සම්බන්ධව නැවත සාකච්ඡා ආරම්භ කර විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම සම්බන්ධව පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya